මුතු කිරිල්ලී ටෙලි නිර්මාණය හරහා සුවහසක් ප්‍රේක්ෂකයන්ගේ හදවත දිනාගත්තු ආදරණීයම කලාකාරිනියක් තමයි නෙහාරා පීරිස් කියන්නේ.


ඇය නිවේදිකාවක් නර්තන ශිල්පිනියක් විදිහටත් කලාව තුළ විවිධ කටයුතුත් එක්ක සම්බන්ධ වෙලා හිටියා.

මතු කිරිල්ලේ ටෙලි නිර්මාණය රූගත කිරීම් කරන අතරතුර ඒ ටෙලි නිර්මාණයට සම්බන්ධ වුණොත් තවත් රංගන ශිල්පියෙක් හිටියා.ඒ තමයි මේනක රාජපක්ෂ.


මේ කතාව අතරතුරේදී තමයි නෙහාරා සහ මේනක ආදරවන්තයින් බවට පත්වෙලා තියෙන්නේ.

කොහොම නමුත් ඒ වෙද්දිත් දෙන්නම තමන්ගේ පළමු විවාහයන් නිසා සිත් තැවුලෙන් සහ මානසික පීඩනයෙන් හිටපු දෙන්නෙක්.එනිසාම ඉතාමත් කෙටි කාලයකින් දෙන්නාගේම අදහස් ගැලපෙන නිසා පළමු විවාහ ජීවිතයෙන් සමු අරගෙන දෙහාරා සහ මේනක විවාහ වෙන්න තීරණය කළා.



ටික කාලයක් ගියාට පස්සේ ලංකාවේ කලාව තාවකාලිකව නවත්වලා මේ දෙන්නම ඇමරිකාවට යනවා. මේනකගේ උසස් අධ්‍යාපන කටයුතු අවසන් උනාට පස්සේ ආයෙමත් සැරයක්  ලංකාවට එනවා. ඊට පස්සේ ඔවුන් කලාවත් එක්ක පූර්ණ කාලීනව සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරපු අතර නෙහාරගේ පුංචි පවුලට ආදරණීය දියණියන් දෙදෙනෙකුත් එකතු වුණා.ඉතින් එතෙක් මෙතෙක් ආ ගමන් මග තුළ ඔවුන් දෙදෙනා සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්න උත්සාහ දරන්නේ කොහොමද කියලා අහපු අවස්ථාවකදී ඒ සම්බන්ධයෙන් කිව්වෙ මේ වගේ කතාවක්.



"අපි දෙන්නා කසාද බැඳලා දැන් අවුරුදු නවයකට වැඩියි.ලෝකෙට හංගන්න දෙයක් නෑ මේක අපේ දෙවැනි කසාදෙ.ඒ නිසා අපි දෙන්නා හැම වෙලාවෙම හිතන්නෙ මේක වරදින්න බෑ කියලා.අපි දෙන්නා කතා කරගෙන තියෙන්නේ කොයිම වෙලාවක හරි රණ්ඩු වෙලා නිදාගන්න යද්දි ඒ ප්‍රශ්නය එතෙන්ට ගෙනියන්නේ නෑ කියලා.මට අතීතයට යන්න වරමක් ලැබුණොත් මම පළවෙනි කසාදය වෙනස් කරනවා.මොකද මම නිතරම හිතන දෙයක් තමයි මට මේනකව මුලින් හම්බුනා නම් හොඳයි කියලා"


ඉතින් ඔවුන්ගේ ඉදිරි ජීවිතය සාර්ථක වේවා කියා අපිත් හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.