මෙරට පෙර පාසල් දරුවන් අතර පැණි රස බීම සහ සීනි සහිත ආහාර භාවිතය ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.


කොළඹ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල පෙර පාසල් දරුවන් යොදාගනිමින් සිදුකළ සමීක්ෂණයකදී මේ පිළිබඳ අනාවරණය වී ඇති බව එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.


පෙර පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහනේ අංශ ප්‍රධානී ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ඉනෝකා වික්‍රමසිංහ

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමෙන් මෙම අදහස් පළ කළාය.