පුබුදු චතුරංග කියන්නේ කලා ක්ෂේත්‍රය තුළත් සිනමාව තුළත් අතිශය දක්ෂ සුන්දර කලාකරුවෙක් කියන්න බහුතරයක් දෙනා දන්නවා.පසුගිය දවසක ඔහු උතුම් පිය පදවිය ලබන්නත් වාසනාවන්ත වුණා.ඒ ආදරණීය දියණියකගේ උපතත් සමඟයි.

කෙසේ නමුත් නිතරම කලා කටයුතුත් එක්ක සම්බන්ධවෙලා වැඩ කරන පුබුදු පුබුදු තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුමට බොහෝ දෙනෙක් පුදුමයට පත් කරමින් අතිශය සංවේදී කරුණක් එකතු කරලා තිබුණා.ඉතින් මේ අවස්ථාවේදී පුබුදු කියලා තිබුණේ ඔහුගේ ආදරණීය පියාණන් ජීවතුන් අතරින් සමුගත්තා කියන සංවේදී පුවතයි.

පුබුදු තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම හරහා ඒ සම්බන්ධයෙන් දැනුවත් කර තිබුණු අතර ඔහු එයාකාරයෙන් එකතු කෙරූ සටහන පහතින් උපුටා දක්වා ඇත.

“අපගේ ආදරණීය පියාණන් වන ගාල්ල කිතුලම්පිටියේ පදිංචිව සිටි, ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයීය ආදි ශිෂ්‍යය, ශ්‍රීලංකා බන්ධනාගාර දෙපාර්ථමේන්තුවේ සහ ලබුදූව ගොවිජන සේවා දෙපාර්ථමේන්තුවේ සේවය කර විශ්‍රාම ලත්, ඊ.වී.ජී. සෝමසිරි මහතා බදාදා (27) රාත්‍රියේ අභාවප්‍රාප්ත වූ බව කනගාටුවෙන් මෙසේ දැනුම් දෙමු… 

එතුමාගේ දේහය බ්‍රහස්පතින්දා (28) දින සිට සෙනසුරාදා(30) දින දක්වා ගාල්ල කරාපිටිය රුහුණු මල් ශාලාවේ තැන්පත් කර තැබෙන අතර සෙනසුරාදා (30) සවස 4ට ගාල්ල දඩැල්ල සුසාන භූමියේ දී අවසන් කටයුතු සිදු කෙරෙනු ඇති…  

එතුමාට අජරාමර නිවන් සුවයම අත් වේවා!!! 🙏

මීට ශෝකයට පත්;

ලලිතා වෙත්තසිංහ (බිරිද)

පුබුදු චතුරංග (පුතා)

දුශාන්ති තමෝදනී (දුව)

සිසිර කලංසූරිය

මාෂි සිරිවර්ධන”

ඉතින් අපිත් ඔහුගේ ආදරණීය පියාණන්ට අජරාමර නිවන් සුවය අත් වේවා කියාපාර්තනායක කරන්නෙමු.