කලා ලෝකය තුළ තවත් ආදරණීය රංගන ශිල්පිනියක් තමයි නිරෝෂා තලගල කියන්නේ. ඇයි ගැන කතා කරද්දි ඇය රංගනයට වගේම නර්තනයටත් දක්ෂතාවයක් දක්වන කෙනෙක්.ඇයටම කියලා ඇයගේම නර්තන කණ්ඩායමක් තියෙනවා.

ඒ වගේ කලා කටයුතුත් එක්ක කාර්ය බහුල වෙන නිරෝෂා මේ වෙද්දි ආදරණීය මවක්.ඇයට ඉන්නේ ආදරණීය දියණියක්.ඒ නිසාමදෝ මන්දා වෙනදටත් වඩා වැඩි වශයෙන් නිරෝෂාට අම්මගේ චරිතය නිරූපණය කරන්න අවස්ථාව උදාවෙලා තියෙනවා.

හැබැයි ඇය සදහන් කරන ආකාරයට එකම චරිතයකට කොටු වෙලා එකම රාමුවකට කොටුවෙලා කලාව තුළ නිරත වෙන්න නම් ඇය කැමති නැහැ.එනිසා වෙනස් වෙනස් චරිත හරහා ප්‍රේක්ෂකයන් ඉදිරියට එන්න නිරෝෂා ආසයි.

කලා ලෝකය ගැන කතා කරද්දි කලා ලෝකයට නිතරම අලුත් කලාකරුවන් එකතු වෙනවා. ඉතින් ප්‍රවීණ කලාකරුවන්ට එහෙමත් නැත්නම් කලාව තුළ කාලයක් වැඩ කටයුතු කරපු කෙනෙක්ට ඔවුන්ගෙන් ලැබෙන සහයෝගය පිළිබඳව නිරෝෂා කියලා තිබ්බේ වෙනස්ම විදිහේ කතාවක්.

“මට නම් හිතෙන්නේ නවක රංගන ශිල්පීන් ශිල්පිනියන්ගෙන් කිසිම සපෝර්ට් එකක් නැහැ කියලා. අපිට වඩා ප්‍රවීණ අය ගොඩක් ඉන්නවා. අපි ඒ අයත් එක්ක කතබහ කරනකොට උඹ බං කියලා කතා කරන මට්ටමකටත් එනවා. නමුත් අපේ හිතේ ප්‍රවීණයන් වෙනුවෙන් ගරුත්වයක් තිබෙනවා. ඒ ගරුත්වය දැන් නවකයන්ගෙ නැහැ. ඒ වගේම එයාලා  ස්ක්‍රිප්ට් එක කියවලා පැත්තකට වෙලා ෆෝන් එක ඔබ ඔබ ඉඳලා එකපාරටම රූපගත කිරීම්වලට එනවා. ඒ විධියට චරිතයකට ආරූඪ වෙන්න බැහැ. එයාලා කොයි  වෙලාවකවත් ප්‍රවීණයන්ගෙන් අහන්නේ නෑ අපි මේක කරන්නේ කොහොමද? මම මේක මෙහෙම කළොත් හොඳයි නේද කියලා. දිව්‍යාදරී ටෙලි නාට්‍යයේ වුණත් අපිට වඩා පසු පරම්පරාව අපෙන් ගන්න ඕන දේවල් ගන්නේ නැහැ කියලා තමයි මම හිතන්නේ. එයාලා ෆෝන් එක ඔබ ඔබ ඉඳලා එකපාරටම චරිතයට ආරූඪ වෙන්න ආවහම එයාලටවත් රඟපාන්න මූඩ් එකක් නැහැ.”

ඉතින්  මේ දේවල් කොහොම වුනත් සහෝදර රංගන ශිල්පීන් එක්ක එකට එකතු වෙලා ක්ෂේත්‍රය තුළ වැඩ කටයුතු කරනවා.ඒ සියලු වැඩ කටයුතු දිනෙන් දෙනම සාර්ථක වේවා කියා අපිත් හදවතෙන්ම ප්‍රාර්ථනා එක් කරන්නෙමු.