සුරාජ් මාපා කියන්නේ ශ්‍රී ලංකාවේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළ බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගත්තු සිහින තරුවක්.එනිසාම ගොඩක් දෙනෙක් සුරාජ්ට ආදරය කරනවා.රංගන ශිල්පියෙක් අමතරව දක්ෂ නර්තන ශිල්පියෙක් විදිහටත් සුරාජ් කලාව තුළ බැබලෙද්දී අදටත් ඔහු තනිකඩ ජීවිතයක් තමයි ගත කරන්නේ.


පවුලේ ආදරණීය අක්කලාගේ ආදරය සෙනෙහස මැද්දේ ජීවිතය ගත කරන සුරාජ් තවමත් තනිකඩ ඇයිද කියලා බොහෝ දෙනෙක් අහලා තිබුණා.හැබැයි කිසිම අවස්ථාවක ඔහු ඒ ගැන විවෘතව කතා කරලා තිබ්බේ නැහැ.ඒ නිසාම සමහරක් දෙනා කියන්න පටන් ගත්තා සුරාජ් ඇත්තටම කැමති පිරිමි ළමයින්ට කියලා.හැමතැනම මේ කතාව ප්‍රසිද්ධ වෙද්දි එක්තරා වැඩසටහනකට සුරාජ් සම්බන්ධ වුණා.ඒ අවස්ථාවේදී මේ වැඩසටහන මෙහෙය වූ නිවේදිකාව ඔහුගෙන් කෙලින්ම මේ ප්‍රශ්නය අහනවා ඉතින් ඒ අවස්ථාවේදී සුරාජ් ඒ වෙනුවෙන් කෙලින් කිව්වෙ මේ වගේ කතාවක්.


"මගේ ජීවිතයේ මම relation ship තියාගත්තු කට්ටිය ඉන්නවා.ඉතින් ඒගොල්ලන්ගෙන් අහලා බලන්න මම එහෙමද නැද්ද කියලා.මේ චෝදනා ඔක්කොම එළියේ හදන චෝදනා.මට මේක ඔප්පු කරන්න ඕන නෑ කාටවත් මං ආශ්‍රය කරපු ගෑනු ළමයි මං ගැන දන්නවා. මගේ අක්කලා ගෙදර අය මං ගැන දන්නවා"


ඉතින් සුරාජ ඔන්න ඔය විදියට තමයි හැමෝම කියන මේ කතාවට කෙලින් උත්තර දීලා තිබුණේ.