පියුමි හංසමාලි කියන්නේ නිරූපිකාවක් වශයෙන් ක්ෂේත්‍රයට ඇවිල්ලා ඇයගේ අලංකාරය නිසාම ක්ෂේත්‍රය තුළ ප්‍රසිද්ධියට පත්වුණු කාන්තාවක්.අද වනවිට නං ඉතාමත් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන පියුමි මේ මෙතෙක් ආ ගමන් මඟ ගැන කතා කළොත් ඇයට මුල් කාල සීමාවේදී නොයෙකුත් අභියෝග වලට මුහුණ දෙන්න සිද්ධ වුණා.


ආදරේ කියන තැනදී පියුමිට වැරදුනා. ඒ නිසා ඇයට දරුවෙක් එක්ක තනිවෙන්න සිද්ධ උනා. කොහොම නමුත් විවිධ ආදර කතා කීපයක් තිබුණත් අද වනවිට නම් ජීවිතයට එක්තරා ස්ථිර සහකරුවෙක් ඇය හොයාගෙන අවසන්.ඔහු නමින් ප්‍රගීත්.ඒවගේම තමයි පියුමි තමන්ගෙම නමින් රූපලාවණ්‍ය නිෂ්පාදන අලෙවි කිරීමේ ව්‍යාපාරයක් කරගෙන යනවා.ඊට අමතරව ඇයට ලැබෙන සල්ලි වලින් අසරණ සත්තුන්ට ඒ වගේම දුප්පත් මිනිස්සුන්ට උදව් කරන්නත් අමතක කරන්නේ නැහැ.


මේ නිසාම සමාජයේ ප්‍රසිද්ධ තරුවක් බවට පත්වුණු ඇය අද වෙද්දි විවිධ රූපවාහිනී වැඩසටහන්වලට පැමිණෙනවා.ඒ විදිහට එක්තරා අවස්ථාවකදී රූපවාහිනී වැඩසටහනකට පැමිණි ඇයගෙන් නිවේදිකාව ටිකක් ගැඹුරු ඇයට නොතේරෙන ආකාරයේ ප්‍රශ්නයක් අහනවා.ඇය අහපු ප්‍රශ්නයට පියුමි කිව්වෙ මේ වගේ කතාවක්.


"මට ගැඹුරු ප්‍රශ්න වැඩිපුර තේරෙන්නේ නැහැ.හරි සරල විදිහට ඇහුවොත් මට උත්තර දෙන්න පුළුවන්.අර ගැඹුරින් අහද්දි මට ඔයාට උත්තර දෙන්න තේරෙන්නේ නැහැ.හරිම කෙටියෙන් අහන මොකද අමතක වෙනවා මට සෑහෙන්න ඔයා කෙටියෙන් ඇහුවොත් මට ඉතා ඉක්මනින් ඒකට හරියටම උත්තර දෙන්න පුළුවන්."


පියුම් ඒ විදිහට කිව්වට පස්සේ නැවත වතාවක් නිවේදිකාව ඇයගෙන් මෙහෙම අහනවා


"සාමාන්‍යයෙන් ඔයා ජීවිතේ ලස්සනට තියාගන්න මොන විදිහට වෙනස්කම් කළොත් හොඳයි කියලා හිතනවාද?කෙනෙක් වෙනස් වෙන්න හිතනවනම්.විශේෂයෙන් කාන්තාවක් ලස්සනට ඉන්න සතුටින් ඉන්න මොන වගේ වෙන්න ඕනිද?


ඉතින් ඊටත් පස්සේ පියුමි මේකට පිළිතුරු දුන්නේ මේ විදිහටයි


පොඩ්ඩක් ආයේ ඔයා ඒක අහනවද මට ඒකට උත්තර දෙන්න තේරෙන්නේ නැහැ


ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ සංවාදය සිදුවෙලා තිබ්බේ ගොඩක් දෙනෙක් ඊට පස්සේ සඳහන් කරලා තිබුණා මේ නිවේදිකාවට පිස්සු පියුමි තමන්ට තේරෙන්නේ නෑ කියලා කෙලින් කියත් දිත් ආයෙ ගැඹුරින් දේවල් අහනවා කියලා.ඒ වගේම ට වගේම නිවේදිකාවටත් විවේචනය කරපු ප්‍රශංසා කරපු බොහෝ දෙනෙක් හිටියා.කොහොම නමුත් මේක පියුමි තමන්ගේ ස්ටෝරි වලටත් එකතු කරන්න අමතක කරලා තිබ්බේ නැහැ.