රුක්ෂානා දිසානායක කියන්නේ කලා ක්ෂේත්‍රය තුළ නිරූපිකාවක් රංගන ශිල්පිනියක් විදිහට බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගත්තු ප්‍රසිද්ධ තරුවක්.ඇය මේ දවස්වල අපිට දැක බලා ගන්න හැකියාව ලැබෙන්නේ නීල පබලු ටෙලි නිර්මාණය හරහා.ඊට අමතරව නිර්මාණයන් රැසක රංගන ශිල්පිනියක් විදිහට ඇයව දැක බලා ගන්නත් පුළුවන්.


 කොහොම නමුත් ඇය රංගනය වගේම නර්තනයටත් අති දක්ෂ කලාකාරිනියක්.ඇයගේම නර්තන කණ්ඩායමකුත් මේ වෙද්දි ඇය නිර්මාණය කරගෙන තියෙනවා.ආදරය ගැන කතා කරද්දි  රුක්ෂානා කාලෙකට කලින් නම් තනිකඩ තරුණියක්.


ඒකට හේතුව ඇය ආදරය කරේ ඇයට වඩා ලාබාල පුද්ගලයෙකුට නිසා ගෙදරින් ඒ සම්බන්දට කැමති උනේ නැහැ.කොහොමහරි අවසානයේදී ඇය මේ වෙද්දි හරිම කෙනා ජීවිතයට තෝරගෙන ආදරවන්තියක් වෙලා කියලත් ආරංචි.ඉතින් ඒ සම්බන්ධව ඇය කියපු කතාවක් තමයි මේ



ඔව්, මං දැන් ආදරවන්තියක්. එයත් කලාවට සම්බන්ධ කෙනෙක්. එයා සිනමා ෆොටෝග්‍රැපර් කෙනෙක්. ඔහු මියුසික් වීඩියෝ කරන්නෙ. මගේ ඩාන්ස් කවර්, ෆොටෝ ෂූට් එයා තමයි කරන්නෙ. මං හැරුණත් එයා දන්නවා මගේ ඊළඟ පියවර මොකක්ද කියලා. ඩාන්ස් කවර් එක ප්ලෑන් කරලා, ලොකේෂන් හොයලා ඔක්කොම කරන්නෙ එයා. එයා කොයිතරම් කාර්යබහුල වුණත් මගේ වැඩවලටත් ලොකු සහායක් දෙනවා. නිදහසක් ලැබුණ ගමන්ම මගේ වැඩවලට උදවු කරන එක තමයි කරන්නේ."


ඉතින් ඇයට අපිත් හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.