විනූ උදානී සිරිවර්ධන කියන්නේ නිරූපිකාවක් විදිහට ක්ෂේත්‍රයට ඇවිල්ලා පසු කාලීනව රංගන ශිල්පිනියක් වෙලා. ඊටත් පස්සේ අද වන විට නිවේදිකාවක් විදිහට කටයුතු කරන දක්ෂ කලා තරුවක්.ඉතින් විනූ ගැන කතා කරද්දි ඇය විවාහ වුණාට පස්සේ කලා කටයුතු රැසකින්ම අයින් වෙලා ගෙදරට වෙලා තමයි කාලය ගත කළේ.

හැබැයි ඕනෑම විශේෂ උත්සව  කාලසීමාවකදී වැඩසටහන්වලට සම්බන්ධ වෙලා විනෝද වෙන්නත් ඇය අමතක කරන්නේ නැහැ.ඉතින් මේවා නත්තල් සමය නිසා ඇය එක්තරා රූපවාහිනියක් සමග එකතු වෙලා නත්තල් වැඩසටහනක් සජීවීව ඉදිරිපත් කළා.එය අතරතුරේදී අගරදගුරු කාදිනල් හිමිපාණන්ගේ නාමය ඇය වැරදියට උච්චාරණය කරනවා.ඇත්තටම මේක ඇය විසින් සිදුවූ අත පසු වීමක් කියා තමයි ඇය සඳහන් කළේ. ඉතින් ඒ සම්බන්ධයෙන් විනූ ප්‍රසිද්ධියේම සමාජ මාධ්‍ය හරහා සමාව ඉල්ලා තිබුණේ මේ වගේ ප්‍රකාශයක් කරමින්.

“අද දින මා විසින් ඉදිරිපත් කෙරූ සජීවී වැඩසටහනකදී අග රදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ගරු නාමය වැරදියට උච්චාරණය වීම පිළිබඳව මාගේ බලවත් කණගාටුව ප්‍රකාශ කර සිටිනවා. ඒවගේම ඒ තුළින් උන්වහන්සේට සිදු වූ අපහසුතාවය පිළිබඳව ද මා සමාව ඉල්ලා සිටිමි.කිතුනු බැතිමතුන්ගෙන් ද සමාව ඉල්ලා සිටිනවා”

ඉතින් ඒ විදිහට අදහස් දක්වා අවසානයේ සියලුම දෙනාට සුභ නත්තලකට ආසිරි එකතු කළා.