සාරංග දිනක්ෂි කියන්නේ ක්ෂේත්‍රය තුළ බොහෝ දෙනෙක්ගේ ආකර්ෂණය දිනාගත්තු ආදරණීය කලා තරු යුවළක්.මේ කලා තරු යුවළ ගැන කතා කරද්දි සමාජ මාධ්‍ය පුරාවටම ඔවුන් ඔවුන්ගේ දවසේ වැඩකටයුතු ඒ වගේම විශේෂ අවස්ථාවන් පිළිබඳව තොරතුරු හුවමාරු කරගන්නා නිසාම බොහෝ දෙනෙක් අතර හැමදාම වගේ මේ දෙන්නා මතකයේ ඉන්නවා.

දරු ප්‍රසූතියෙන් පස්සේ දිනක්ෂි ආයෙමත් සැරයක් කලා කටයුතුත් එක්ක සම්බන්ධ වෙලා.සාරංග නම් දිගටම කලා ක්ෂේත්‍රයේ වැඩ කටයුතුත් එක්ක හිටියා.මේ වෙද්දි සාරංගයි දිනක්ෂි දෙන්නම විවිධ විනෝදාත්මක වැඩසටහන්වලට සහභාගී වෙනවා.

ඒ විදිහට ප්‍රසිදු රූපවාහිනී නාලිකාවක් සංවිධානය කෙරූ නත්තල් උත්සවයකට සාරංග සහ දිනක්ෂි සහභාගි වෙලා තිබුණා.ඒ අවස්ථාවේදී වස්තී අනුෂ්ක උදාන සින්දු කියද්දී දිනක්ෂයේ ක්ෂේත්‍රයේම ආදරණීය රංගන ශිල්පියෙක් හෝ ඉසුරු ලොකු හෙට්ටිආරච්චි බදාගෙන හරි ලස්සනට නැටුවා.

ඉතින් මේ අවස්ථාවේ ගත පුංචි වීඩියෝ ක්ලිප් එකක් මුහුණු පොතේ පළ කරලා සාරංග හාස්‍ය මුසු ප්‍රකාශයක් කැප්ශන් එක විදිහට දාලා තිබ්බා.විදිහට ඉසුරුව බදන් නටන දිනක්ෂිගේ වීඩියෝ එක දාලා සාරංග කියලා තිබ්බේ

“Wife ගෙන් හම්බුනු නත්තල් තෑග්ග 😂”

ඉතින් කොහොම නමුත් මේක සාරංග හුදෙක්  විනෝදය සඳහා කියපු කතාවක්.