ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි ක්‍රිකට් ක්‍රීඩාවෙන් සුළු කාලයකට ඈත්වීමට අවසර ඉල්ලා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.


ඔහු මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ මාසයකට ආසන්න කාලයක් සඳහාය.


ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ විරාට් කෝලි මෙම ඉල්ලීම ඉන්දීය ක්‍රිකට් ආයතනය වෙත යොමු කර ඇති බවයි.


මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා සහභාගි වූ ජ්‍යෙෂ්ඨ ඉන්දීය ක්‍රීඩකයින් රැසක් මේ වන විට ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේදී විවේක ගැන්වීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් කටයුතු කර තිබේ.



විරාට් කෝලි මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ එවන් පසුබිමකය.


ඒ අනුව ඉන්දීය කණ්ඩායමේ එළඹෙන දකුණු අප්‍රිකානු සංචාරයට කෝලි තමන්ට විවේක ලබාදෙන ලෙස ඉල්ලීම සිදුකර ඇත.


කෝලි වැඩිදුරටත් සදහන් කර ඇත්තේ තමන් දෙසැම්බර් මස 26 වැනිදා සිට නැවත ඉන්දීය කණ්ඩායම සමග එක්වන බවයි.