කලා ලෝකය තුළ බොහෝ දෙනෙක් ආදරය කරපු ටෙලි නිර්මාණ හරහා ප්‍රේක්ෂකයන් හමුවට ආපු මේ සුන්දර කලාකාරිනිය සුරූපී නිළි ඉරේශා.ඉරේෂා ගැන කතා කරද්දි නිතරම ඇයව පුංචි තිරයෙන් අපිට දකින්නට අවස්ථාවක් උදා වෙන්නේ නැහැ.

හේතුව කාලෙන් කාලෙට ඇය විවිධ හේතූන් මත පුංචි තිරයෙන් ඈත්වෙන නිසයි.කොහොම නමුත් පසුගිය කාලේ නම් අලුත්ම නිර්මාණ කීපයක් එක්ක ඉරේෂාට එකතු වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා.හැබැයි ආයෙමත් සැරයක් ඇයට ටික කාලයක් කලා කටයුතුවලින් ඈත් වෙන්න සිදුවෙලා.ඒකට හේතුව ඉරේෂා තෙවැනි වරත් උතුම් මව් පදවිය ලබන්න වාසනාවන්ත වුණු නිසයි.හීනයක් වගේ තිබුණු ඇයගේ මේ බලාපොරොත්තුව ගැන ඇය කියලා තිබ්බ මේ වගේ කතාවක්.

“ඇත්තටම මේක විශේෂ වෙන්නේ මට ඉන්නේ පුතාලා දෙන්නෙක් නිසා.මම ලොකු ආසාවකින් හිටියේ දුවෙක්ට. ඉතින් මගේ ඒ ආශාව ඉෂ්ට වෙනවා තව ටික දවසකින්.මට ඇත්තටම මගේ තුන්වෙනි බබා හැටියට ලැබෙන්නේ දුවෙක්.ඒක ඉතිං ඇත්තටම මගේ ජීවිතේ හීනයක් හැබෑවීමක් තමයි.”

ඇය දරුවා ලැබෙන්න ඉන්න කාලසීමාවේදීත් විවිධ රූගත කිරීම් වලට සම්බන්ධ වුණා.හැබැයි ප්‍රේක්ෂකයාට නොතේරෙන ආකාරයෙන් ඇයගේ ගර්භනී භාවය වසන් කරමින් එවැනි රූගත කිරීම් සිදුවුණා කියලා තමයි ඉරේශා සඳහන් කරලා තිබුණේ.කෙසේ නමුත් නිරෝගී දරු උපතක් සිදු කිරීමට ඇයට වාසනාව ලැබේවා කියා අපි එක සිතින් ප්‍රාර්ථනා එක් කරන්නෙමු.