සමාජ මාධ්‍ය පුරාවටම චාමර වීරසිංහල අසනීප වුණා කියන ආරංචිය හැම තැනම පැතිරෙන්න පටන් ගත්තා.මේ නිසාම ඔහුට ආදරය කරන බොහෝ දෙනෙක් ඔහු ගැන හොයන්න පටන් අරන්.

ඇත්තටම චාමරට මොකද උනේ චාමර දැන් කොහොමද එයාට මොන වගේ රෝගී තත්ත්වයක්ද උදාවෙලා තියෙන්නේ කියන දේ තමයි ඔහුට ආදරේ කරන රසික ප්‍රජාවගේ මූලිකම ප්‍රශ්නය වෙන්නේ.

කොහොම නමුත් චාමර වීරසිංහ තමන්ගේ රෝගී තත්ත්වය ගැන සඳහන් කරලා සමාජ මාධ්‍ය ගිණුමට සටහනකුත් එකතු කරලා තිබ්බා.දැන් පසුගියදා ඔහු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කරා කියලා දැනගත්තු ආරංචිය ඇහුවට පස්සේ වැල නොකැඩී ප්‍රේක්ෂක පිරිස ඔහුව බලන්න ඇවිල්ලා.

ඒ නිසාම ඔහුගේ පවුලේ ආදරණීයන් රසිකයන්ගෙන් හරිම සංවේදී ආයාචනයක් මුහුණු පොත තුල සටහනක් තබමින් සිද්ධ කරලා තියෙනවා. ඉතින් ඒ විදිහට චාමර වෙනුවෙන් සිදුකෙරූ ඉල්ලීම තමයි මේ

“Admin.

චාමර වීරසිංහ මේ වන විටත් වෙද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින අතර ඉදිරියේදී ඔහුගේ අසනීප තත්වය පිළිබඳ

ආදරණීය රසික ඔබ සියලු දෙනා දැනුවත් කරන්නට බලපොරොත්තුවෙන් සිටි.

මේ වන විටත් අති විශාල පිරිසක් කලුබෝවිල රෝහල වෙත පැමිණෙන නිසා ඇතිවී ඇති අපහසුතා නිසාවෙන් ආදරණීය හැමදෙනාගෙන්ම ඉල්ලන්නේ ඔහුගේ සුවදුක් බැලීමට මේ දවස් කීපය තුල රෝහලට පැමිනීමෙන් වලකින ලෙසයි.

මෙය ඔහුගේ පවුලේ අය ආදරණීය රසික සියලු දෙනාගෙන් කෙරෙන කාරුණික ඉල්ලීමකි”

ඉතාමත් ඉක්මනින් සුවවී නැවතත් ගීත ගායනා කිරීමට හැකියාව ලැබේවා කියා අපි හදවතින්ම ඔහුට ප්‍රාර්ථනාවක් එක් කරන්නෙමු.