දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යය කියන්නේ කාලෙන් කාලෙට අලුත් කලාකරුවන් කලා ක්ෂේත්‍රයට හඳුන්වා දුන්නු ටෙලි නිර්මාණයක්.මේ දවස්වල දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයට අලුතෙන්ම එකතු වුණු චරිතයක් තමයි ටීනා කියන්නේ. ඇය නිරූපිකාවක් සහ නවක රංගන ශිල්පිනියක් ලෙස ක්ෂේත්‍රය තුළ විවිධ වැඩ කටයුතුත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. කතාවට ටීනා කියලා කිව්වට ඇගේ ඇත්තම නම ගීතාංජලී ලක්ෂිකා.

ගීතාංජනී ගැන කතාකරද්දි මේ දවස්වල රංගන වැඩ කටයුතු සම්බන්ධයෙන් ඇය කියලා තිබුණේ මේ වගේ කතාවක්.

“දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ රදීශ්ගේ චරිතය රඟපාන ඉෂාර අයියා තමයි මාව දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයට සම්බන්ධ කෙරුවේ.ඇත්තටම ඒ ගැන මම ඉෂාර අයියට ස්තූතිවන්ත වෙනවා.tv derana නාලිකාවේ විකාශය වන දෙවැනි ඉනිම කියන්නේ තාමත් ගොඩක් දෙනෙක් අතර ජනප්‍රිය ටෙලි නාට්‍යයක්.එනිසා මේ වගේ නාට්‍යයක රඟපාන්න ලැබෙන එක භාග්‍යයක් මට හොඳ ප්‍රතිචාර ලැබෙනවා”

ඒ ප්‍රතිචාරත් එක්ක ඇය නිරූපණ ක්ෂේත්‍රය තුළත් අලුත් අලුත් වැඩ කටයුතු රැසක් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා නිරන්තරයෙන්ම නිළියක් විදිහට ගොඩනගා ගන්නා අනන්‍යතාවය සමගම නිරූපණ ක්ෂේත්‍රයේ වැඩ කටයුතු ඉදිරියට කරගෙන යන්න ඇය සූදානම්.ගීතාංජලී මේ වෙද්දි ආදරණීය පෙම්වතියක් ඉතින් සාමාන්‍යයෙන් සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්න ලිවින්ටුගෙදර් සංකල්පය හොඳද නැද්ද කියලා අහපු අවස්ථාවකදී ඇය කියලා තිබ්බේ මේ වගේ අදහසක්.

“මම හිතන්නේ විවාහ වෙන්න හොඳම ලිවින් ටුගෙදර් සම්බන්ධතාවයකින් කියලා කියලා. දෙන්නට දෙන්නගේ ආකල්ප සිතුම් පැතුම් හැම දෙයක්ම තේරුම් අරගෙන ජීවත් වෙන්න පහසුම විදිහ ලිවින්ටුගෙද‍ර් කියලයි මම හිතන්නේ.මම කැමතියි ලිවින්ටුගෙද සම්බන්ධතාවයක් පවත්වලා විවාහ වෙන්න සමහරක් විට ඉදිරියේදී මමයි මගේ පෙම්වතයි ලිවින් ටුගෙදර් ඉන්න ඉඩ තියෙනවා”

ඉතින් ඔන්න ඔය විදිහට තමයි ටීනා ඒ සම්බන්ධයෙන් අදහස් දක්වලා තිබුනේ. ඉතින් ඇයගේ ඉදිරි ජීවන කටයුතු දිනෙන් දිනම දියුණු වේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.