ගායන ක්ෂේත්‍රය තුළ බොහෝ දෙනෙක් ආදරය කරන ජනප්‍රිය දක්ෂ ගායිකාවක් තමයි ශෂිකා නිසංසලා කියන්නේ.ඇය ගැන කතා කරද්දි ඇය රියලිටි තරගාවලියක් හරහා තමයි ක්ෂේත්‍රයට එන්නේ.නිසංසල සඳක් පැතුම් මල් ගොඩක් කියන ගීතාවලිය හරහා බොහෝ දෙනෙක්ගේ හදවත දිනාගත්තු ශෂිකා අද වන විට එළිමහන් ප්‍රසංග වේදිකාව තුළ නැතුවම බැරි චරිතයක් බවට පත්වෙලා.


සංගීත ජීවිතය වගේම පෞද්ගලික ජීවිතය ගැන කතා කරද්දි ශෂිකා ඉතාමත් නිදහස් ලස්සන පවුල් ජීවිතයක් ගත කරනවා.ඇයට ඉන්නවා ආදරණීය පුතාලා දෙන්නෙක්.ඇයගේ ආදරණීය ස්වාමි පුරුෂයත් ඇය වෙනුවෙන්ම කැපවෙලා සියලු වැඩ කටයුතු වලට උදව් උපකාර කරනවා.

ඒ වගේම ශෂිකා නිතරම නිහතමානී ගායිකාවක් විදිහට සම්මානයෙන් පිදුම් ලබනවා.ඒකට හේතුව ඇය  වැඩි විලාසිතා නැතුව ගැමි කම ජීවිතයට  ඇදාගෙන බොහොම නිහතමානී ජීවිතයක් ගත කරන නිසා වෙන්න ඇති.ඉතින් ඇය ගත කරන ඒ සරල ජීවිතය සහ ඇයගේ ඇවතුම් පැවතුම් සම්බන්ධයෙන් ශෂිකා කියලා තිබ්බේ මේ වගේ කතාවක්.


“ගමක හැදුණු වැඩුණු මට ඇඟ නිරාවරණය වෙන විදිහේ ඇඳුම් ඇඳලා හුරු නැහැ.ඒත් මම ලස්සනට අඳිනවා පළඳිනවා. මේකප් කරනවා.ඒත් හැම වෙලාවෙම මම ඒ දේවල් කරන්නේ මගේ රූපයට ගැලපෙනව නම් විතරයි.මොකද සාමාන්‍යයෙන් නොගැලපෙන හැසිරීම් නොගැලපෙන දේවල් නිසා මගේ චරිතයට හානියක් වෙන්න පුළුවන්.කොළඹ හැදුණු වැඩුණු කෙනෙක්ට මේ දේවල් සාමාන්‍යයි.හැබැයි අපේ රටේ සංස්කෘතියට ගැලපෙන ඇඳුම් තමයි මට ගැලපෙන්නෙ.”

ඔන්න ඔය විදිහට තමයි ශෂිකා ඇයගේ ජීවිතය  ගොඩනගා ගත් විදිහ පිළිබඳව අදහස් දක්වලා තිබුණේ.