දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදූ⁣ව හුවමාරුවෙන් වැලිගම සහ කනංකේ දක්වා සැහැල්ලු වාහන ධාවනයට බාධා එල්ල වී තිබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.


ඒ, වැලිගම හා කනංකේ අතර ප්‍රදේශයේ ජලගැලීම් තත්ත්වයක් හේතුවෙනි.

 

කෙසේවෙතත් විශාල ප්‍රමාණයේ වාහන සඳහා එම ස්ථානයෙන් ගමන් කිරීමට බාධාවක් නොමැති බවයි එම අධිකාරිය පෙන්වා දෙයි

.

 

ඒ අනුව කොළඹ දෙසින් පැමිණෙන වාහන පාලටුව අන්තර් හුවමාරුවද, මත්තල දෙසින් පැමිණෙන වාහන ගොඩගම අන්තර් හුවමාරුවද පිටවීම සඳහා භාවිතා කරන ලෙසට මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් දැනුම්දෙයි.