2023 විශ්ව රූ රැජන (Miss Universe) කිරුළ දිනා ගත්තේ නිකරගුවාවෙන් ඉදිරිපත් වූ 23 හැවිරිදි ෂේනිස් පලාසියොස්ය. ඇය විශ්ව රූ රැජන කිරුළ දිනාගත් තරගය පැවැත්වුණේ එල් සැල්වදෝරයේයි. මෙම කිරුළ දිනා ගනිමින් සිය රටට විශාල කීර්තියක් දිනා දීමට ෂේනිස් සමත් වුවත් මේ වනවිට නිකරගුවා පාලකයන්ගෙන් ඇයට ‘කෙනෙහිලිකම්’ එල්ල වෙමින් ඇත. 


මෙම පසුබිම තුළ ෂේනිස්ට නැවත නිකරගුවාවට පැමිණීමට හැකි වේවි ද යන්න පවා සැක සහිත තත්ත්වයක් මතු වී තිබේ. එල් සැල්වදෝරයේ පැවැති විශ්ව රූ රැජින තරගයට සහභාගි වීමෙන් පසු ඇය මේ වනවිට සිටින්නේ මෙක්සිකෝවේ බව වාර්තා වේ.