කියන්න යන්නේ රට රස්සාවට හීන දකින ඔයා දැනගන්නම ඕන කාරණයක්..

අපි රට රස්සාවකට යනවා නම් හරියට ඒ ගැන හොයලා බලලා යන එක ගොඩක් වැදගත්... ඒ වගේ ඔයා යන්නේ කොහේද..?

කරන්න තියෙන්නේ මොනවාද කියන දේත් ඔයා යන්න කළින් හොඳට හොයලා බලන්න...


ඊශ්‍රායලයේ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් රැස් කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බැවින් ඒ පිළිබදව විමසිලිමත් වන ලෙස බලපත්‍රලාභි විදේශ රැකියා නියුක්ති නියෝජිත ආයතන සංගමය ජනතාවට දැනුම් දෙනවා...

කෘෂිකාර්මික හා ඉදිකිරීම් රැකියා ක්ෂේත්‍රයේ රැකියා විසිදහසක් මෙරටට ලැබුණු පසු මෙම තත්ත්වයේ වර්ධනයක් දක්නට ලැබෙන බවයි හිරු ප්‍රවෘත්ති අංශය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් එහි ලේකම් එම්.එෆ්.එම්. අර්ෂාද් පැවසුවා..

ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සදහා ශ්‍රමිකයින් යැවීමේ අවසරය මේ වන විට පෞද්ගලික අංශයට හිමිවී ඇති නමුත් එලෙස යැවිය හැක්කේ රැකියා ඇණවුම් ලැබී ඇති විදේශ රැකියා ආයතනවලට පමණක් බවයි ඔහු සඳහන්කර සිටියේ..