අවුරුදු කුමාරියක් විදිහට ක්ෂේත්‍රයට ඇවිල්ලා ඊටත් පස්සේ නිවේදිකාවක් විදිහට කරළියට ආපු ඇය නමින් පියුමි බොතෙජු.පියුමි ගැන කතා කරද්දි නිවේදිකාවටත් වඩා අද වන විට ඇය  ජනප්‍රිය රංගන ශිල්පිනියක් විදිහට බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වෙලා අවසන්.

ඉතින් මේ සුන්දර රංගන ශිල්පිනිය ගැන කතා කරද්දි ඇය පුංචි තිරය රිදී තිරය එකලු කළ චරිත රැසක් නිරූපණය කළා. ඒ වගේම නත්තල් කාල සීමාව නිසා මේ වෙද්දි නම් පියුමි ටිකක් කාර්යබහුලයි කියලත් ආරංචි.කෙසේ නමුත් පසුගිය කාල සීමාවේදී පියුමිගේ ආදරණීය තාත්තා ජීවතුන් අතරින් සමුගත්තා. ඒ දේවල් එක්ක විවාහ ජීවිතෙන් අයින් වෙලා හුදෙකලාව ජීවත් වන පියුමි අද වෙද්දි ඒ ගත කරන ජීවිතය ගැන කිව්වේ මෙන්න මේ වගේ අලුත් කතාවක්.

“අම්මා නම් දැම්මට විවාහ යෝජනා ගේනවා මටත් ලෝකෙ කොහේ හරි ලියවුනු කෙනෙක් ඇති කියලා හිතනවා.අම්මා මම තනියෙන් ඉන්න එක ගැන හරියට වද වෙනවා.මාව රැජිනක් කරන්න කියලා හිතපු එකම පිරිමියා තමයි මගේ තාත්තා. එයා මාව රැජනක් කලා.හැල හැප්පීම් ගොඩක් තිබුණා මගේ ජීවිතේ. පුංචි කාලෙ ඉඳලා අපි හිටියේ කුලී ගෙවල්වල.”

ඉතින් පියුමි  ඔන්න ඔය විදිහට තමයි ඇයගේ ජීවිතය පිළිබඳව අදහස් ඉදිරිපත් කරලා තිබ්බේ. එසේ ණයගේ ඉදිරි ජීවිතය දිනෙන් දිනම සාර්ථක වේවා කියා අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.