2024 වසරේ දී මෙරට භාණ්ඩ හා සේවාවල මිල අධික ලෙස ඉහළ යනු ඇති බව ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අංශයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පැවසීය .


රජය වක්‍ර බදුවලින් සියයට 72ක අතිරේක ආදායමක් අපේක්ෂා කිරීම ඊට හේතුව බවයි, ඔහු ප්‍රකාශ කළේය .



ලබන වසරේ දී අයවැය ලේඛනය අනුව රජය රුපියල් කෝටි 122400ක (බිලියන 1224) අතිරේක ආදායමක් බලාපොරොත්තු වනවා.


එයින් සියයට 72ක් වැට් බදු සහ වෙනත් අතිරේක බදු වන බව සඳහන්.




භාණ්ඩ හා සේවාවලට බදු ගැසූ විට එම බද්ද සම්පූර්ණයෙන්ම පාරිභෝගිකයාගෙන් අයකර ගැනීමට වෙළෙඳුන් කටයුතු කරනු ඇති.


ඒ අනුව මෙම සියයට 72 වක්‍ර බද්ද පාරිභෝගිකයාට විතැන්වීම නොවැළැක්විය හැකි බවයි මහාචාර්යවරයා අවධාරණය කළේය .




සහල්, පිටි, සීනි, පරිප්පු, අල, ලූනු ආදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල සියයට 72කින් ඉහළ යනු ඇති.


සාමාන්‍ය ජනතාවගේ ජීවන තත්ත්වය පහත වැටෙන අතර උද්ධමනය ද ඉහළ යාමට හේතු වන බවයි මහාචාර්ය අමින්ද මෙත්සිල වැඩිදුරටත් කියා සිටියේය .