අපේ කලා ලෝකය තුළ ආදරණීයම කලාකාරිනියක් විදිහට බොහෝ දෙනෙක්ගේ හදවත දිනාගත්තු රංගන ශිල්පිනියක් තමයි මහේශී මධුසංකා කියන්නේ. මහේෂි ගැන කතා කරද්දි ඇය සිනමාව ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය කියන මේ අංශ දෙකම නියෝජනය කළා.

මේ වෙද්දි ආදරණීය දියණියකගේ සහ පුතෙකුගේ මවක් වන මහේශී  ඉතාමත් සාර්ථක විවාහ ජීවිතයක් ගත කරනවා කියන්න කවුරුත් දන්නවා.ඒ වගේම මතක් කරන්න ඕනේ මහේෂිගේ ආදරණීය සැමියා ගුවන් නියමුවරයෙක්.මේ වෙද්දි නම් මහේශී කලා කටයුතුවලින් ඈත් වෙලා සැමියත් එක්ක විදෙස්ගත වෙන්න තමයි සූදානම් වෙන්නේ.

ලංකාවේ ගුවන් සේවයෙන් අයින් වෙලා මහේෂිගේ ආදරණීය සැමියා විදෙස් රටක ගුවන් සේවයත් එක්ක එකතු වෙලා වැඩ කටයුතු කරන්න සූදානම් නිසා ඇය ලංකාව දාලා යන්න සූදානම් කියලත් කලකට කලින් කියලා තිබ්බා.කොහොම නමුත් මහේෂිගේ සියලු සම්බන්ධතාවලට පස්සේ ඇයව තේරුම් ගත්ත ආදරණීය සැමියෙක් ඇයට හම්බවෙනවා.ඒ සම්බන්ධයෙන් ඇය කිව්වේ මේ වගේ කතාවක්.

“මම යාළුවෙලා හිටපු කෙනාට වෙන සම්බන්ධයක් තිබ්බා.ඒ කෙල්ලගේ හස්බනුත් ඒ සම්බන්ධය දන්නවා.එහෙම කවලමේ ගිය සම්බන්ධතාවයක් තමයි මට තිබුණේ.එය බෝයිෆෙන් මට කියනවා එයත් මට ආදරය කරනවා ඔයත් මට ආදරේ කරනවා කියලා.නමුත් ආදරය කරද්දී ආදරේ බෙදාගන්න කැමති නෑනේ.නමුත් මං එයාට දැඩි ලෙස ආදරය කළා.මම හිතුවා ඒක තමයි ආදරේ කියලා.හැබැයි සම්පත් හම්බවෙලා අවුරුද්දක් දෙකක් යද්දි ඇත්ත ආදරේ මොකක්ද කියලා මම දැන්ගත්තා එයාගෙන්.”

ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඇය ඒ සම්බන්ධයෙන් අදහස් දක්වලා තිබුණේ.කෙසේ නමුත් ඔවුන්ගේ යුග ජීවිතය දිනෙන් දෙනම සාර්ථක වේවා කියා අපෙත් හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.