සමිතා මුදුන් කොටුව කියන්නේ ගායන ක්ෂේත්‍රය තුළ බොහෝ දෙනෙක් ආදරය කරන ආදරණීය ගායිකාවක් කියන්න කවුරුත් දන්නවා.ඒවගේම තමයි ඇයගේ ජීවිතය ආලෝකමත් කරපු තවත් එක් චරිතයක් තමයි ඇයගේ ආදරණීය පුතා ෂේන් අධිකාරි.


සමාජය නොයෙකුත් දෙනා සමිතගේ පුතාට විවිධ ආකාරයේ කටකතාවන් නිර්මාණය කළා.හැබැයි ඒ කිසිම කටකතාවක් තඹ සතේකට ගණන් ගත්තේ නැති සමිතා එදා ඉදන්ම අම්මා කෙනෙක් විදිහට පුතාට ආදරේ රැකවරණය අඩු නැතුව දුන්නා.


ඒ නිසාම කවුරු මොනවා කිව්වත් ෂේන් අධිකාරි එහෙමත් නැත්නම් සමිතා මුදුන් කොටුවගේ ආදරණීය පුතා ඔහුට ඕනේ විදිහට ජීවිතය ගත කරන්න අමතක කළේ නැහැ.ඉතින් තමන්ගේ පාඩුවේ ජීවිතේ ගත කරන ශේන් එක පාරටම තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුමට තරුණියක් සමග ඉන්න ඡායාරූප කීපයක් එකතු කළා.


මේ ඡායාරූපවල ඉන්නේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරගාවලිය නියෝජනය කෙරූ විදුශා රාජගුරු.ශේන්ගේ ආදරණීය පෙම්වතිය ඇයද කියන දේ සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් මේ වෙද්දිත් ප්‍රශ්න කරලා තියෙනවා.ඒහෙම නැත්නම්  මේ දෙන්නා ඇත්තටම යාළුවෝද?


මේ වගේ ප්‍රශ්න ගොඩක් හැමෝම අහල තිබ්බා.හැබැයි හරි ලස්සන සටහනකුත් සමඟ ෂේන් ඇය සමඟ ආදරණීයව ගත් ඡායාරූප කීපයක්ම සමාජ මාධ්‍යයට එකතුකලත් මේ බැදීම ප්‍රේමණීය සම්බන්ධයක් ද නැද්ද කියන දේ පිළිබඳව තීරණය කරන්න බැහැ.


ඒ කෙසේ නමුත් ඔවුන් දෙදෙනාගේම සියලු බලාපොරොත්තු සහ අපේක්ෂාවන් එයාකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා කියා අපිත් හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.