ලන්දේසි පාලන සමයේ මෙරටින් රැගෙන ගොස් නෙදර්ලන්තයේ කෞතුකාගාරවල මේ වන විට තැන්පත් කර ඇති පුරාවස්තුවලින් කිහිපයක් කොළඹ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කිරීම දෙසැම්බර් මස මුල් සතියේදි ඇරැඹෙන බව බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක පවසයි.

නෙදර්ලන්ත රජය හා ශ්‍රී ලංකා රජය අතර පැවැති සාකච්ඡාවන්හි ප්‍රතිඵලයක් ලෙස මෙම පුරාවස්තු නැවත ශ්‍රී ලංකාව වෙත ලබා දීමට ගත් තීන්දුව පිළිබඳ ඔහු සඳහන් කළේ ඉකුත් සතියේ කොළඹ ජාතික කෞතුකාගාරය වෙත ගොස් ලන්දෙසීන් රැගෙන ගිය පුරාවස්තු යළි ලැබුණු පසු ඒවා තැන්පත් කරන ස්ථාන නැරඹීමෙන් අනතුරුවය.

කඩු කස්ථාන ඇතුළු පුරාවස්තු කිහිපයක් පළමු අදියර යටතේ ශ්‍රී ලංකාවට භාරදීමට නෙදර්ලන්ත රජය මේ වන විට එකඟ වී ඇත. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකගේ සම්බන්ධීකරණයෙන් ද සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායකගේ ප්‍රමුඛත්වයෙන් මෙම

කටයුත්ත සිදු විය.