පසුගිය කාල සීමාවේදී එක්තරා විනෝදාත්මක වැඩසටහනක් හරහා රහල් තමන්ගේ පෞද්ගලික ජීවිතය ගැන කතා කරපු ප්‍රකාශයක් සමගම ඔහු ගැන සමාජ මාධ්‍ය පුරාවටම වැඩි වශයෙන් කතාබහ කරන්න පටන් ගත්තා. ඔහුගේ ජීවිතයට ආදරණීය දුව ආවේ ඔහු හිතුවෙවත් නැති දවසකලු.

එනිසා ටිකක් කේන්තිත් ගියාලු මොකද ඉදිරි වැඩ කටයුතු ටික තාමත් පිළිවෙල කරලා නැති නිසා.කොහොම නමුත් මේ වෙද්දි නම් ඔහු ඇයගේ පැමිණීමත් සමගම ජීවිතේ වෙනස් උනා කියලත් සඳහන් කරනවා.

රහල් සමාජය ගැන ජීවිතය ගැන හිතන්නෙ ටිකක් වෙනස් විදිහකට ඒකට හේතුව ඔහුට පසුගිය කාලයේ සිද්ධ වෙච්ච සිදුවීම් නිසා වෙන්න ඇති.  වසර ගණනාවක් ඔහු සමාජ මාධ්‍ය තුළවත් ප්‍රසිද්ධ මාධ්‍යය තුළවත් දකින්නට ලැබුණේ නැහැ.

හැබැයි ඒ හැමදේම වෙනස් කරගෙන දැන් ආයෙමත් සැරයක් ඔහු කරළියට ඇවිල්ලා.ඔහු ජීවිතය ලබපු අත්දැකීම් එක්ක හැමෝටම දැනෙන්න කෙලින් කතා කරන කෙනෙක්.ඒ විදිහට පසුගිය දවසක රහල් හරි අපූරු කතාවක් කියලා තිබුණේ මේ විදිහටයි.

"මම ජොබ්ස් කීපයක් කරලා තියෙනවා. හෙටත් කරයි.මගේ තාත්තා කියලා තියෙන්නේ මිහිපිට කිසිම වස්තුවකට හානියක් කරන්නැතුව උඹට කීයක් හරි හම්බ කරන්න පුළුවන් නං උඹ නියම පිරිමියෙක් කියලා.අදටත් මම හිතන්නෙ ඒ ගැන තමයි මම මගේ දුවට කියන්නෙත් ඒ ටික.

බුලත් විට ටිකක් හරි කමන් නෑ කඩල ගොට්ටක් විකුණලා හරි කමන් නෑ ජීවත් වෙන්න හැබැයි මම මේ කතා කරන්නේ හිඟන්නෝ හැර අනිත් කොටස ගැන.මම හිඟන්නන්ට කැමති නෑ මොකද හිඟන්නො කරන්නේ පට්ට බිස්නස් එකක්.මම හිඟන්නන්ට රුපියල් පහක්වත් දෙන කෙනෙක් නෙවෙයි.සමහර වෙලාවට මම කන තැනක අම්මා කෙනෙක් අතුගානවා නම් මගෙන් ඉල්ලුවෙ නැත්නම් මම රුපියල් දාහක් හරි දෙන කෙනෙක්.ඉල්ලුවොත් මම දෙන්නෑ."

ඉතින් ඔන්න ඔය විදිහට තමයි රහල් ඔහුගේ ජීවිතය ගැන ඔහු හිතන විදිහ පිළිබඳව අදහස් දක්වලා තිබුණේ.