බන වසරේ දෙසැම්බර් මාසය වන විට විෂය නිර්දේශය උගන්වා අවසන් කළ යුතු බව අධ්‍යාප අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පවසයි.

කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මේ මාසයේ පාසල් නිවාඩු ලබාදුන් පසු පෙබරවාරි 2 වනදා යළි පාසල් ආරම්භ කළ ද නව වසරට අදාළ පාසල් වාරය පෙබරවාරි මස 19 වනදා සිට ක්‍රියාත්මක බවයි.


මේ අතර ගුරු වැටුප් විෂමතාවය පිළිබඳව මේ වනවිට සාකච්ඡා කර ඇතැයි ද පැවසු අමාත්‍යවරයා ජනවාරියේ සිට රාජ්‍ය සේවකයින් සියලුදෙනාටම රු 10,000 දීමනාව හිමිවන බව ද පැවසීය.