Slider

නිර්මාණයකට කතා කරලා මගේ ගාන ඇහුවට පස්සේ නිර්මාණයකට ආරාධනා කරන්නේ නැහැ

 


මේදා ජයරත්න කියන්නේ නිවේදිකාවක් ඒවගේ මරංගන ශිල්පිනියක් විදිහට ක්ෂේත්‍රයට ආපු අදටත් බොහොම ලස්සනට ඉන්න කලාකාරිනියක්.ඇය ජීවිතය මැදිවියට පා තැබුවත් තවමත් නව යොවුන් තරුණියක් වගේ බොහොම ලස්සනට හැඩට වැඩට ඉන්න නිතරම උත්සාහ කරනවා.

මේදා විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් අනතුරුව රූපවාහිනී නිවේදිකාවක් ලෙසින් මාධ්‍ය ක්ෂේත්‍රයට පා තැබුවා තැබුවා. ඊට පස්සේ තමයි ටෙලි නාට්‍ය හා සිනමාවට ඇය එකතු වුණේ.මේ වැඩේ තනිකඩ ජීවිතයක් ගත කරන ඇයට ඇයගේ පළමු විවාහ ජීවිතයෙන් ආදරණීය පුතෙක් සහ දියණියක් ඉන්නවා.

නමුත් ඇය ඒ කසාද ජීවිතයෙන් වෙන්වෙලා තනිකඩව තමයි ජීවත් වෙන්නේ. ඒත් අවශ්‍ය සෑම මොහොතකම ඔවුන් ගැන හොයලා බලන්න මේදා අමතක කරන්නේ නැහැ.ඒවගේම තමයි මේ දවස් වල ඇයව පුංචි තිරයේ නිර්මාණ හරහා අපිට වැඩි වශයෙන් දකින්න අවස්ථාවක් උදාවෙලා නැහැ. ඒ ඇයි කියලා අහපුවහම එහෙමත් නැත්නම් නිර්මාණ ලැබෙන්නේ නැද්ද කියලා අහපු අවස්ථාවකදී මේදා කිව්වේ මේ වගේ කතාවක්.

“එහෙම විශේෂ හේතුවක් නැහැ. නමුත් ගොඩක් වෙලාවට  නිර්මාණයකට කතා කරලා මගේ ගාණ ඇහුවට පස්සේ නිර්මාණයට ආරාධනා කරන්නේ නැහැ. ලොකු ගණන් කියන්නේ නැහැ. සාධාරණ ගාණක් තමයි කියන්නේ. නමුත් දැන් තිබෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක හැමෝම බලන්නේ අඩු වියදමින් වැඩේ කරගන්න. ඉතින් කලාකරුවන් නිර්මාණවලට සම්බන්ධ කරගනිද්දිත් එහෙම බලනවා. නමුත් හැමෝටම එහෙම කරන්න බැහැ. ඔවුන් කියන මිලට වැඩ කරන කලාකරුවොත් ඉන්නවා. ඉතින් මම හිතන්නේ අපිට කතා කරලා අපේ වටිනාකම වැඩි වුණාම ඔවුන් එයාලව නිර්මාණවලට සම්බන්ධ කරගන්නවා ඇති. ගොඩක් වෙලාවට වැඩකට කතා කරලා ගණන් ඇහුවම අපිට වැඩේ ලැබෙන්නේ නැත්තේ නිර්මාණකරුවන්ට ඒ ගාණ දරාගන්න අමාරු ඇති. නමුත් ගැටලුව ඔවුන්ගේ මිලටත් අපිට එකඟ වෙන්න බැහැ.”

ඉතින් කලා ලෝකය තුළ මෙවැනි ප්‍රශ්න ගැටලු නිසා තමයි ඇය මේ වෙද්දී කලාවෙන් චුට්ටක් ඈත් වෙලා ඉන්නේ. කෙසේ නමුත් ඉදිරි වැඩ කටයුතුත් එක්ක ඇය සම්බන්ධ වෙන්න සූදානම්. ඒ සියලු වැඩ කටයුතු ඒ ආකාරයෙන්ම සාර්ථක වේවා කියා අපිත් හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.

0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo