dream star තරගාවලියේ  සිහින කිරුළ හිමි කර ගැනීමට වාසනාව ලබා ගත්තේ ගුවන් හමුදා සංගීත කණ්ඩායමේ අංජලී හේරත්.බහුතරයක් දෙනා අංජලීයට ආදරේ කරන්න පටන් ගත්තේ ඇය හරිම නිහතමානී චරිතයක් නිසයි.  මියුරු කටහඬ නිසාම මේ ජයග්‍රහණයට හිමිකම් කියපු ඇයට අද කාන්තාවක් වීම සම්බන්ධයෙන් හරිම ආඩම්බරයි කියලත් සඳහන් කළා.

ඉතින් ඇය මේ ලබාගත්තු කිරුළ ගැන සඳහන් කරලා තිබ්බේ මේ වගේ කතාවක්.

“හැම ගැහැණියෙකුටම මගේ මේ කිරුළ අයිතියි. අනාගතයේ මම හැම කාන්තාවකගෙන්ම ඉල්ලා සිටිනවා 

ඉස්සරහට එන්න කියලා. කොටුවෙලා හිරවෙලා ඉන්න එපා.තමන්ටත් දෙයක් කළ හැකි බව ඔප්පු කරලා පෙන්වන්න හැම ගැහැණියකටම ශක්තිමත් හදවතක් තියෙනවා”

තමන්ගේ ජයග්‍රහණය ගැන ඒ විදිහට කියද්දී ඇය තඹුත්තේගම ලස්සන ගොවි පවුලක ඉපදුනු ආදරණීය දියණියක් කියන දේත් අමතක කරලා නැහැ.ඇය සඳහන් කරන ආකාරයට පරම්පරාවේ ලොකු නම ගිය ගායකයෝ නැතිවුණාට ඇයගේ අම්මටයි තාත්තටයි ඇතුළු පිරිසකට හොඳට සිංදු කියන්න පුළුවන්ලු.

ඒ වගේම තාත්තට ඕන වෙලා තියෙන්නේ අංජලී විශ්වවිද්‍යාලයට යනවා බලන්න.කවුරුත් කැමති නෑ ඇය ගුවන් හමුදාව තෝරගන්න ගත්තු තීරණයට.ඉතින් ඒ තාත්තගෙ බලාපොරොත්තුව විනාශ කෙරුවා නේද කියලා අහපු අවස්ථාවකදී අංජලී කිව්වේ මේ වගේ කතාවක්.

“ඒ වුණාට මට අරමුණක් තිබුණා. මම උසස් පෙළ කරලා විශ්ව විද්‍යාලයට යන්න ලකුණ තිබ්බත් ගුවන් හමුදාව තෝරා ගත්තා.ගෙදරින් හැමෝම අකමැති වෙනකොට කවද හරි එයාලව සතුටු කරන්න පුළුවන් කියලා මම දැනගත්තා. මට ඒ අවස්ථාව ලැබුණා. මට අවස්ථාව ලැබුණා ගුවන් හමුදා සංගීත කණ්ඩායමට එකතු වෙන්න”

ඉතින් ඔන්න ඔය විදිහට තමයි අන්ජලි ආපු ඒ ගමන් මග පිළිබඳව  අදහස් දක්වලා තිබුණේ. ඉතින් ඇයගේ ජීවිතය දිනෙන් දිනම සාර්ථක වේවා කියා අපි ප්‍රාර්ථනා කරන්නෙමු