සාරා අබේවර්ධන කියන්නේ මේ දවස්වල බොහෝ දෙනෙක්ගේ අවධානයට ලක් වෙච්චි කලාකාරිනියක්.ඒකට හේතුව අය මමත් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න ගර්භනී සමයේ පසුවන කාන්තාවක් වුණත් දරු පැටියත් කුසේ තියාගෙන හරි අපූරුවට ලස්සනට නැටුම් නටන නිසයි.

නර්තන ශිල්පිනියක් නිරූපණ ශිල්පිනියක් ඒ වගේම කාය වර්ධන උපදේශිකාවක් විදිහටත් ඇය වැඩ කටයුතු කරලා තියෙනවා.ඒවගේම වර්තමානයේ ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක් සමග එකතුවෙලා එකතුවෙලා රියලිටි තරග විනිසුරුවරියක් විදිහටත් සාරා වැඩ කටයුතු කරනවා.

සාරා ගැන කතා කරද්දි ඇය විවාහ වෙලා ඉන්නේ වසර ගණනාවකට කලින් ඇය ආදරේ කරපු ආදරණීය පෙම්වතා සමඟයි.මුලින්ම මේ ආදර කතාව ටික කාලයක් නැවතිලා තිබුණත් ඈත දුර රටක ඉඳන් හරි සාරාගේ පෙම්වතා නැවත ඇයව හොයාගෙන ඇය ගාවට එනවා.

ඉතින් මේ පතාගෙන ආපු ආදර කතාව ගැන සාරා කිව්වේ මේ වගේ කතාවක්.

“මම කේන්දර නම් ලොකුවට විශ්වාස කරන්නේ නැහැ නමුත් ඇස් වහ කටවහනම් මම විශ්වාස කරනවා.ඇත්තටම විවාහය නිසා අපේ කේන්දර බැලුවා මම බෞද්ධ එයා ක්‍රිස්තියානි ඒ වෙලාවේ කේන්දරේ බලපු හාමුදුරුවෝ කිව්වෙත් මේ දෙන්න පතාගෙන ආව දෙන්නෙක් කියලයි”

ඉතින් අද වන විට ඔහුත් එක්ක ඉතාමත් හොඳින් සාර්ථකව ඇය ජීවත් වෙනවා. ඉදිරියටත් ආදරණීය දරු පැටියා සහ ස්වාමි පුරුෂයා සමඟ සතුටුදායක ජීවිතයක් ගත කිරීමට ඇයට හැකියාව ලැබේවා කියා අපි එක සිතින් ප්‍රාර්ථනා එක් කරන්නෙමු.