ප්‍රාසාංගික වේදිකාව තුළ නැතුවම බැරි ආදරණීය චරිතයක් තමයි චාමර වීරසිංහ කියන්නේ.ඉතින් චාමර ගැන කතා කරද්දි බොහෝ දෙනෙක් දන්නවා ඔහු පසුගිය දවසක රෝගාබාධයක් නිසා රෝහල්ගත වුණා කියන කරුණ.

චාමර මේ වෙද්දිත් දැඩි සත්කාර ඒකකය තමයි ප්‍රතිකාර ලබන්නේ. දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන චාමර ගේ දැන් තත්ත්වය පිළිබඳව ඔහුට ආදරය කරන බහුතරයක් රසික ප්‍රජාව හොයන්න උත්සාහ ගන්නවා.

ඒවගේම පසුගිය දවසක ඔහුට සෙත් පතා ලංකාවේ ඔහුට ආදරය කරන බහුතරයක් රසිකයන් පිරිසක් බෝධි පූජාවක් පවත්වන්නත් අමතක කළේ නැහැ.ඒ වගේම මතක් කරන්න අවශ්‍යයි මේ වෙද්දෙ රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන විදිහට චාමර යළි යථා තත්ත්වයට පත් කිරීම සඳහා දිය යුතු හොඳම ප්‍රතිකාර ක්‍රම වෛද්‍යවරු විසින් සිදු කරනවා.

ඉතින් නොබෝ දිනකින් ඉතාමත් ඉක්මනින් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන චාමරට ඩී රෝගී සුව අත් වේවා කියා අපේත් හදවතින්ම ප්‍රාර්ථනා එක් කරන්නෙමු.