තමන්ට  වෙන් වූ ගීත රටාවකින් සංගීත ක්ෂේත්‍රය තුළට විවිධ වූ නිර්මාණ බිහි කෙරූ තවත් අති දක්ෂයෙක් තමයි අමල් පෙරේරා කියන්නේ. මර්වින් පෙරේරා කියන ඔහුගේ ආදරණීය පියාගේ අඩි පරේ යමින් සංගීත ක්ෂේත්‍රය තුළ බොහෝ දෙනෙක්ට අමතක නොවන නිර්මාණ රැසක් දායාද කරන්න ඔහුට අද වෙද්දි හැකියාව ලැබිලා තියෙනවා

මේ වෙද්දි රියලිටි තරග මිනිසුරුවරයෙක් විදිහටත් කටයුතු කරන අමල් තමන්ගේ ආදරණීය පුතාටත් සංගීත ක්ෂේත්‍රයට එන්න මග පෙන්නුවා.ඔහු නදිමාල් පෙරේරා.නදීමාල් සහ අමල් ගැන කතා කරද්දි ජීවිතය නොයෙකුත් අභියෝගවලට මුහුණ දීලා බොහෝ දෙනෙක්ගේ කතාබහට ලක්වෙච්චි සිදුවීම්වලට මුහුණ දෙන්න සිද්ධ වෙච්ච දෙන්නෙක් විදිහටත් මේ දෙන්නා හඳුන්වන්න පුළුවන්.

පසුගිය කාල සීමාවක ඩුබායු රාජ්‍යයේ සංගීත ප්‍රසංගයකට සහභාගි වෙච්ච අමල් සහ නදීමාල්ට නොසිතූ චෝදනාවක් යටතේ සිරගත වෙන්න සිදුවුණා. හැබැයි මේ චෝදනාවෙන් අමල් සහ නදී මල් නිදොස් කොට නිදහස් වුනත් ඒ ලැබූ අත්දැකීම පිළිබඳව එක්තරා වැඩසටහනකට සම්බන්ධ වෙලා සංවේදී වෙමින් අමල් කිව්වේ මේ වගේ කතාවක්.


“කාලෙකට කලින් මටයි මගේ පුතාටයි දවස් 79ක් එකට හිර කූඩුවේ ඉන්න සිදුවුණා.මම ප්‍රාර්ථනා කරනවා ඒ වගේ දෙයක් මේ ලෝකෙ කිසිම තාත්තා කෙනෙක්ට වෙන්න එපා කියලා.මම මගේ ජීවිතේ පුතා එක්ක බොරුවෙන් ජීවත් වෙච්ච දවස් 79ක් ඒක මට ඇතුලෙන් වේදනාවක් තියෙනවා. ඒත් මට අඬන්න වැළපෙන්න බෑ.එහෙම ඇඩුවොත් කොල්ලා කඩම් වැටෙයි කියලා මට බය හිතුණා.අනික ඒ කාලේ කොල්ලා මලක් වගේ පිපෙන කාලය සමහරවිට කොල්ලා හිතන්නේ නැති තාත්තට ගානක්වත් නෑ කියලා. ඒ වුනාට ඒක එහෙම නෙවෙයි මට සෑහෙන්න දරාගන්න අමාරු උනා ඒ දවස් ටික”


ඉතින් තාත්තලා කියන්නෙම දරුවන් වෙනුවෙන් අපිරිමිත කැපකිරීම් කරන පුද්ගල කොට්ඨාසයක්. ඉතින් ඒ විදිහට ඔහු ජීවිතය ලැබූ අත්දැකීමක් පිළිබඳව තමයි එක්තරා ප්‍රසිද්ධ වැඩසටහනකදී අමල් අදහස් දක්වලා තිබුණේ.