ශීතාගාරවල ගබඩා කර ඇති ආනයනික බිත්තර මිලියන 6ක් අද (13) හා හෙට (14) වෙළෙඳපොළට නිකුත් කිරීමට රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.,


එහි සභාපති ආසිරි වලිසුන්දර සඳහන් කළේ සතොස හරහා එම බිත්තර මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව පවතින බවයි.



වෙළෙඳපොළේ බිත්තර මිල ඉහළ යාමත් සමග එය පාලනය කිරීම සඳහා විෂය භාර අමාත්‍යවරයාගේ උපදෙස් මත මේ පියවර ගත් බව ඔහු ප්‍රකාශ කළේය.


මේ වනවිට බිත්තර මිල රුපියල් 60 ට වැඩි අගයක් දක්වා ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයින් පවසති.