පැරණි ගීත අතරින් බොහෝ දෙනෙක්ගේ කටේ තියෙන ඒවගේම අදටත් ගොඩක් දෙනෙක් ආස කරන ගීත ගොන්නක් දායාද කරපු දක්ෂ කලාකරුවෙක් තමයි ධනපාල උඩවත්ත කියන්නේ.ඔහු විසින් ගායනා කළ රෝස මලක් වාගේ ඈ නීල වරල පීරලා,මාමා දූතුරු, වැනි ගීත අදටත් සෑම ප්‍රසංගයකදීම ඒ වගේම රියලිටි වැඩසටහන්වලදිත් ගායනාව වන ජනප්‍රිය ගීත බවට පත්වෙලා.


තින් මේ සුන්දර කලාකරුවා මේ විදිහේ ජීවිතය සැබෑ සමය ගත කරත් බොහොම අපූරුවට තවටත් ලස්සනට ගීත ගායනා කරනවා.මේ විදිහට බොහෝ කාලයක් ක්ෂේත්‍රය තුළ රැඳී ඉන්න ඔහුට මේ තරම් ශක්තියක් ලැබුනේ ඔහුගේ ආදරණීය බිරිඳ නිසා වෙන්න ඇති.

ඉතින් ධනපාල උඩවත් එක්තරා රූපවාහිනී වැඩසටහනකදී   තමන්ගේ ආදරණීය බිරිඳ තමන්ට හමුවුණු විදිය පිළිබඳව කිව්වේ මේ වගේ කතාවක්.


“එයා මට වඩා ලාබාල කෙනෙක්.එයා මට වඩා අවුරුදු විසිපහක් විතර බාලයි.ඒක ආදරේ කතන්දරයක්.මම එක දවසක ප්‍රසංගයකට ගියා.ඒ ප්‍රසංගයට මම කිව්වේ ඈ නීල වරල පීරලා කියන මගේ ගීතය.ඉතින් ඒ සින්දුව නිසා යාළු වෙච්ච කෙල්ලෙක් තමයි ඒ.ඊට පස්සේ එයා කිව්වා මම ගමේ ඉඳන් ඔයාගේ මේ සින්දුව අහන්නම තමයි මෙහාට ආවේ කියලා.එයාගේ නම ශිරෝමි දමයන්ති.අද වෙද්දි මට ලස්සන ගෙවල් දෙකක් ලස්සන වාහන දෙකක් තියෙනවා. මේ හැමදේටම උදව් කළේ එයා.එවැනි බිරිඳක් මට දෙවියො දුන්නේ”


ඉතින් ඔන්න ඔය විදිහට තමයි දණපාල උඩවත්ත ඔහුගේ ආදරණීය බිරිඳ සම්බන්ධයෙන් මතකයා වර්ජනය කරලා තිබ්බේ ඉතින් ඔවුන්ගේ ජීවිතය දිනෙන් දිනම සාර්ථක වේවා කියා කියා අපිත් හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු