රූපලාවණ්‍ය  ක්ෂේත්‍රය තුළ බොහෝ දෙනෙක් ආදරය කරන ඒ වගේම නිරූපණ ක්ෂේත්‍රය තුළත් කතා කළ හැකි වැඩ කොටසක් කෙරූ අති දක්ෂ රූපලාවණ්‍ය  සහ නිරූපණ ශිල්පියෙක් තමයි චන්දිමාල් ජයසිංහ කියන්නේ.ජාත්‍යන්තර තරගාවලිය නියෝජනය කරන්නට තරගකරුවන් රැසක් තෝරා පත් කරගනිමින් ලංකාව ඉදිරියෙන්ම තියන්න නිරන්තරයෙන්ම ඇප කැපවෙන චරිතයක් විදිහට චන්දිමාල් හඳුන්වන්න පුළුවන්.


ඉතින් ඔහු ගැන කතා කරද්දි ක්ෂේත්‍රයේ ඉන්න තවත් අති දක්ෂ නිරූපණ ශිල්පිනියක් වන පියුමි හංසමාලිගේ හොඳම යාළුවා තමයි චන්දිමාල්. කොයි කාගේත් හොඳ හිත දිනාගෙන ඉන්න චන්දි මල් හැමදාමත් තමන්ගේ පාඩුවේ තමන්ගේ උත්සාහයෙන් ඉස්සරහට යන්න උත්සාහ කරපු කෙනෙක්.


ඒවගේම කියන්න ඕනි ඔහු වසර ගණනාවක් තිස්සේ මේ ක්ෂේත්‍රය තුළ ඉන්නවා. ඉතින් ඒ ලබපු අත්දැකීම් සහ ඔහු තවත් පුද්ගලයන්ට සලකන ආකාරය සහ මෙතෙක් ආ ගමන් මග පිළිබඳව කියලා තිබුණේ මෙන්න මේ වගේ කතාවක්.


“මම අද වෙනකම් කාගෙවත් ෆේස්බුක් එකට ගිහිල්ලා හිත රිදෙන කමෙන්ට් එකක් දාලා නැහැ.කවදාවත් කාටවත් හාහා රියැට් එකක් දාලා නෑ.අවුරුදු විසිතුනක් එක දිගට නිදි මරලා වැඩ කරනවා කියන එක ලේසි නැහැ.එහෙම වැඩ කරලා ජීවිතේ මට අවශ්‍ය වයසදී මම හැමදේම ගත්තා.සමහර වෙලාවල් වලට මේ සමාජයේ මිනිස්සු මම වැරදි මනුස්සයෙක් කියලා හංවඩු ගැහුවා.මං ගැන මට තෘප්තිමත් ඒ නිසා සමාජය කියන කතා ගැන මං අහන්නේ නැහැ.”


ඉතින් ඔන්න ඔය විදිහට තමයි චන්දිමාල් ඔහු ගත කරන ඒ ජීවිතය පිළිබඳව අදහස් දක්වලා තිබුණේ.