එළඹෙන වසරේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගි වීමට නියමිත තරගාවලි ලැයිස්තුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රසිද්ධ කර ඇත.


ඒ අනුව 2024 වසරට අදාළව දී ශ්‍රී ලංකාව ටෙස්ට් තරඟ 10ක්, එක්දින තරඟ 21ක් සහ විස්සයි විස්ස තරඟ 21ක් සඳහා තරග වැදීමට නියමිතයි.



එම තරග කාලසටහනේ පළමු තරගාවලිය සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව මෙරට සත්කාරකත්වය යටතේ එළඹෙන ජනවාරියේ දී ආරම්භ වීමට නියමිත අතර අවසන් තරගාවලිය එළඹෙන වසරේ දෙසැම්බර් මාසයේ දී නවසීලන්තයට එරෙහිව පැවැත්වෙනු ඇති


ඊට අමතරව 2024 වසරේ ජුනි මාසයේ දී ඇරඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට ද ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා තිබේ.

.