අවුරුදු 11ක දුවට අතවර කළ මාමා කොටු වෙයි

 


වයස අවුරුදු 11ක බාලවයස්කාර දැරියකට බරපතල ලිංගික අතවරයක් සිදුකළ බව කියන සැකකරුවෙකුව කරුවලගස්වැව පොලීසිය විසින් ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබේ.


මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තබ්බෝව, 07 කණුව ප්‍රදේශයේ පදිංචිකරුවක් බවයි පොලීසිය සඳහන් කළේය.



සැකකරු අතවරයට ලක්ව ඇති දැරිවියගේ ඥාති මාමා කෙනෙක් බවට ද තොරතුරු අනාවරණය වී ඇත.



මීට මාසකට පමණ පෙර දිනයක නිවසේ කිසිවෙකු නොමැති අවස්ථාවක සැකකරු විසින් දැරියට ලිංගික අතවරයක් සිදුකර ඇති බවට ඇයගේ මව විසින් කරුවලගස්වැව පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.



එම පැමිණිල්ලට අනුවයි සැකකරු ඊයේ (01) දින මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.



අතවරයට ලක්ව ඇති දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Comments

Popular posts from this blog

මේ පාර අකිලට දුවෙක්ද පුතෙක්ද? අකිල හංගන් හිටපු රහස පළමු වතාවට හෙළි කරයි

මම වැරදි කෙනෙක්ට ආදරේ කරා.එයා විවාහ වෙලා කියලා කිව්වේ නැහැ.එයා දැන් නැති නිසා ඒ ගැන කතා කරලා වැඩක් නැහැ

මම මගේ දරුවාගේ පියාගෙන් අයින් වෙද්දි දරුවා වෙනුවෙන් කිසි මුදලක් ඉල්ලුවේ නැහැ. ලෝයර් මට බැන්නා