2024 වසරේ ජනවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි වැට් ඇතුළත් වන භාණ්ඩ ලැයිස්තුව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.


මෙලෙස වැට් අයකරන ලැයිස්තුවට ගෘහස්ථ ගෑස්, පෙට්‍රල් සහ ඩීසල් ද ඇතුළත් කර ඇත. මේ අතර රසායනික පොහොරද වැට් අයකෙරෙන ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.