පසුගිය කාලසීමාවේදී අපේ කලාව තුළින් සමුගත්තු ආදරණීය කලාකරුවෙක් තමයි ජැක්සන් ඇන්තනී කියන්නේ.වසරකටත් වැඩි  කාලසීමාවක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ එතුමා අවාසනාවන්ත ආකාරයෙන් අවසානයේ ජීවිතේට සමුදුන්නා.

නමුත් ඔවුන් මේ ආකාරයෙන් ජීවිතයට සමුදෙන්න හිටපු කෙනෙක් නෙවෙයි කියන දේ කුමාරි මුණසිංහ එහෙමත් නැත්නම් ඔහුගේ ආදරණීය බිරිඳ අදටත් කියනවා.ගොඩක් දෙනෙක් දැනටමත් ජැක්සන් මියගිහින් කියලා කටකතා ගොඩ නැගුවත් ජැක්සන් මිය යන මොහොත දක්වා හොඳින් ප්‍රතිචාර දැක්වූවා කියන දේ මාධවී, කුමාරී එවගෙම සජිත අකිල කියන මේ සියළුම දෙනා යළි යළිත් කියනවා. කොහොම නමුත් ජැක්සන්ගේ දෙවියෝ පිළිබඳව කුමාරි මුණසිංහ තියෙන්නෙ දැඩි කලකිරීමක්.ඒ වගේම මේ මරණය ඉක්මන් කෙරෙව්වා කියලා හිතන පුද්ගලයන් පිරිසක් ගැන පිළිබඳ වත් පිලිබඳවත් ඇය කතා කළේ මේ විදිහටයි.

"ඡාතික රෝහලේ මෙන්න යූ ටියුබ් වලට සම්බන්ද දොස්තර කෙනෙක් අපේ අවසරයක් නැතුව බොහොම පහත් විදිහට තීරණ අරගෙන ජැක්සන්ව බලන්න යන්න එක එක්කෙනාට ඉඩ දුන්නා.ඒ දොස්තර ලැජ්ජා වෙන්න ඕනි මේ කරපු දේ ගැන.එයා ජැක්සන්ට වෙදකම් කරපු කෙනෙකුත් නෙමෙයි මට රෝහලෙන්ම ආරංචි වුණා ඔය දොස්තර කට්ටියව ඇතුලට යැව්වා කියලා.තව කලාකරුවෙක් කියා ගන්නා youtube channel එකක් කරන කෙනෙක් ඒ විදියට දැක්කම බලන්න ගිහින්  වීඩියෝ එකක් දානවා කුමාරි අක්කේ මං ගියා ජැක්සන්ව බලන්න නිකන් බොරු කියන්න එපා කියලා. රටේ මිනිස්සු කොච්චර ජැක්සන්ට බැන්නත් මං කාටවත් වෛර කරන්නේ හැබැයි මට මේ පුද්ගලයෝ දෙන්නා ගැන තියෙන්නෙ පුදුම තරහක්"

ඉතින් ඇය ඔන්න ඔය විදියට තමයි ඒ සම්බන්ධයෙන් අදහස් දක්වලා තිබුණේ.