උඩරට දුම්රිය මාර්ගයේ හාලිඇළ, උඩුවර ප්‍රදේශයේදී දුම්රිය මාර්ගය ආසන්නයේ නායයෑමක් සිදුව තිබේ.


 මේ හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.


ඊයේ (22) මධ්‍යම රාත්‍රියේ නායයෑම සිදුව ඇත.


මේ අතර උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල දක්වා ධාවනය වන දුම්රිය නැවත දැනුම්දෙන තුරු නානුඔය දක්වා සීමා කර තිබේ.



පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමග දුම්රිය මාර්ගයට ගල් පෙරළීම් සහ පස් කදු කඩා වැටීම් හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.


මේ අතර පවතින වැසි සහිත කාලගුණයත් සමග පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගය බලංගොඩ සමනලවැව හල්පේ ප්‍රදේශයෙන් අවහිර වී තිබේ.



මේ හේතුවෙන් මාර්ගයේ වාහන ගමනාගමනය සීමා වී ඇති බව පොලීසිය සඳහන් කළේය.


පසු කඳු කඩා වැටීම හේතුවෙන් කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ බලංගොඩ, ඉඹුල්පේ ප්‍රදේශයෙන් සහ සීලගම ප්‍රදේශයෙන් ද අවහිර වී ඇති බව සඳහන්ය.