ගර්භාෂ දෙකක් ඇති තරුණියක් පිළිබඳ ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයෙන් වාර්තා වේ.


32 හැවිරිදි කෙල්සි හැට්චර් නමැති මෙම තරුණිය මේ වනවිට ගැබිනියක් බවත්, ගර්භාෂ දෙකෙහිම දරුවන් සිටින බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි.


මේ අයුරින් ගර්භාෂ දෙකක් පිහිටීම ඉතා දුර්වල සිදුවීමක් බව වෛද්‍යවරුන්ගේ අදහසයි.


එක් එක් ගර්භාෂය තුළ එකවර ගැබ් ගැනීමේ සම්භාවිතාව මිලියන 1කින් පමණ වන බව බර්මින්හැම් හි ඇලබාමා විශ්ව විද්‍යාලයේ මාතෘ සහ කලල විශේෂඥ වෛද්‍ය රිචඩ් ඩේවිස් පවසන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.