මේ දවස්වල වැඩි වශයෙන්ම කතා කරන්නේ කවින්ද්‍යා සහ දනිදු කියන ආදරණීය චරිත දෙක ගැනයි. හේතුව කවී පසුගිය දවසක විවාහ ජීවිතයට පා තැබීම නිසයි. ඉතින් මේ විවාහ ගිවිස ගැනීමේ උත්සවය  චාම් උත්සවයක් විදිහට තමයි සංවිධානය කරලා තිබුණේ.

කවීගේ පැත්තෙන් සාක්ෂි කාරයෙක් විදිහට නාමල් උඩුගම කලාකරුවා තමයි අත්සන් කිරීම සිදු කළේ.මේක විවාහ ගිවිස ගැනීම විතරයි බොහෝ දෙනෙක් හිතුවේ විවාහ මංගල්‍ය උත්සවය තමයි මේ ගත්තෙ කියලා.නමුත් කවි සඳහන් කරන ආකාරයට ඇය විවාහ මංගල්‍ය උත්සවය වෙනම ගන්නත් සූදානමින්.කොහොම නමුත් හැමෝගෙම උදව් උපකාර මත ඒ දවසේ සිදුවුණු   සුන්දරම දේ පිළිබඳව කවී කිව්වේ මේ වගේ කතාවක්.

"මගේ පැත්තෙන් අත්සන් කළේ නාමල් උඩුගම මාමා දනිදු ගේ පැත්තෙන් නම් එයාගේ තාත්තා අස්සන් කළා.මට ඕන වුණේ උනේ සරල ලස්සන දවසක් ඒ දවස හිතුවටත් වඩා ලස්සන වුණා.අම්මයි තාත්තයි දැන් දෙපැත්තක හිටියත් ඒ දෙන්නම මගේ විවාහ  ගිවිසගැනීමේ දවසේ මගේ දෙපැත්තෙන් මගේ ශක්තියට හිටියා.මේ මොහොතේ මම හිතාගන්න බැරුව ඉන්න වෙඩින් එක ගනිද්දි කාටද ඉන්වයිට් කරන්නේ කියලා"

ඉතින් ඇය ඒ වැඩකටයුතුත් ඉතාමත් පිලිවලට කර ගැනීමට  සූදානම්. ඒ නිසාම ඇයගේ ඒ සියලු වැඩකටයුතු දිනෙන් දින සාර්ථක වේවා කියා අපි ප්‍රාර්ථනා  කරන්නෙමු