Slider

වෛද්‍ය සැපයීම් අංශයේ උසස් නිලධාරීන් සිව්දෙනෙකු අත්අඩංගුවට




ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි මිල දී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෛද්‍ය සැපයීම් අංශයේ උසස් නිලධාරීන් සිව්දෙනෙකු මීට සුළු වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ නිහාල් තල්දූව පැවසුවේ වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය කපිල වික්‍රමනායක, සහකාර අධ්‍යක්ෂ දේවශාන්ත සොලමන්, ගණකාධිකාරි (සැපයුම්) නෙරාන් ධනංජය සහ තොග පාලක සුජිත් කුමාර යන අය එසේ අත්අඩංගුවට ගත් බවයි. 

0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo