ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගමන්කරමින් සිටි හෙලිකොප්ටර් යානය හදිසියේම පාසල් ක්‍රීඩාංගණයක් වෙත ගොඩබස්වා තිබෙනවා.


මෙලෙස හෙලිකොප්ටර් යානය ගොඩබස්වා ඇත්තේ වැල්ලවාය බුදුරුවගල පාසලේ ක්‍රීඩාංගණයටයි.

ජනපති වැලිමඩ දක්වා ගමන්කරමින් සිටියදී මෙලෙස එම යානය හදිසියේම පාසල් ක්‍රීඩාංගණය වෙත ගොඩබස්වා ඇති බවයි වාර්තා වන්නේ.

වැලිමඩ ප්‍රදේශය දක්වා ගමන් කරමින් සිටි රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රදේශයට පැවති අයහපත් කාලගුණය තත්ත්වය මත ගුවනින් ගමන් කිරීමට නොහැකි නිසා හදිසියේම මෙම ගොඩ බැස්සවීම සිදු කර බවට සඳහන්.