තම මියගිය පියාගේ සිරුරේ අවසන් කටයුතු සඳහා මරණ සහතිකයක් ලබාගැනීමට අද(14) දහවල් යතුරු පැදියෙන් ගිය පුතු විදුලි රැහැන් කණුවක ගැටීමෙන් සිදුවූ අනතුරකින් මියගොස් ඇතැයි බුලත්සිංහල පොලිසිය පවසයි.


මතුගම හොරණ 285 මාර්ගයේ බුලත්සිංහල ප්‍රදේශයේ සිට හොරණ දෙසට යතුරුපැදියක පසුපස නැගී ගමන් කල විසිඑක් හැවිරිදි පුතු පහළ නාරගල ප්‍රදේශයේදී යතුරු පැදිය මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙන් අනතුරට ලක්ව හොරණ රෝහලට ඇතුළත්කරන අතරතුර මියගොස් ඇති බව පොලිසිය පවසයි.


යතුරු පැදිය පැදවූ තරුණයාට පහල නාරගල ප්‍රදේශයේ වංගුවකදී යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අනතුර සිදුව ඇත.


සිද්ධයෙන් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා හොරණ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.