Slider

ළමා සොල්දාදුවන් සේ දරුවන් සරසා උතුරේ කොටි සමරලා

 


කොටි ළමා සොල්දාදුවන් මෙන් ඇඳුම් අන්දවා සයනයිඩ් වැනි යමක් ගෙලෙහි රඳවා දරුවන් තිදෙනකු උතුරේ කොටි සැමරුමකට යොදාගැනීම සම්බන්ධව යාපනය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් වීශාන්තගේ නියෝග මත විමර්ශනයක් ඇරඹී ඇත.


යුද්ධයෙන් මියගිය කොටි සාමාජිකයන් සිහි කිරීමට යාපනය කෝපායිහි සුසාන භූමියෙහි පැවැති උත්සවයක් සඳහා මෙම දරුවන් තිදෙනා එක්කරගෙන තිබේ.



මෙම දරුවන් තිදෙනාගේ දෙමාපියන් හඳුනාගෙන ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පොලිස් පරීක්ෂණ අරඹා ඇත.

0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo