Slider

එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගය අද කවුරු දිනයිද?


 

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (19) පැවැත්වීමට නියමිතයි.

ඒ, සත්කාරක ඉන්දීය කණ්ඩායම සහ ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමගයි.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 2.00ට ආරම්භවීමට නියමිතව තිබේ.

තරගය අහමඩාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදි පැවැත්වීමට නියමිතයි.


අවසන් මහා තරගය ආරම්භයට පෙර ඉන්දීය ගුවන් හමුදාවේ සූර්ය කිරන් කණ්ඩායම වීසින් ගුවන් සංදර්ශනයක් පැවැත්වීමට සැළසුම් කර තිබේ.


එමෙන්ම ඇලේබේනියානු ගායිකා ඩුහා ලීපා ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරඟය වර්ණවත් කරන්නට පැමිණීමට නියමිතයි.


මේ අතර එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහභාගිවීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.


0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo