නාරාහේන්පිට මිනින්දෝරු කාරියාලයේ සේවය කරන තරුණියකට එම කාර්යාලය ඉදිරිපිටදී ඊයේ (06) උදේ පිහියකින් ඇන බරපතළ තුවාල කිරීම සම්බන්ධයෙන් ඇගේ පෙම්වතා යැයි පැවසෙන වෙළෙඳ නාවිකයෙක් (seaman) නාරාහේන්පිට පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. තුවාල ලැබූ තරුණිය නාරාහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් පසුවන්නීය. 

මෙම තරුණියගේ පපු ප්‍රදේශය ඇතුළු සිරුරේ ස්ථාන කිහිපයක්ම පිහි ඇනුම් තුවාල දක්නට ඇතැයි නාරාහේන්පිට පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. අත්අඩංගුවට ගත් සැකකරු ගාල්ල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි වියේ පසුවන අයෙකි. තුවාල ලැබූ තරුණිය ගාල්ල පින්නදූව ප්‍රදේශයේ පදිංචිකාරියකිකාර්යාලයට යෑමට බස් රථයෙන් බසිනවාත් මෙම තරුණිය නාරාහේන්පිට මිනින්දෝරු සමගම සැකකරු කඩා වැදී ඇයට දිගට හරහට පිහි පහරවල් එල්ල කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි එම පොලිස් නිලධාරියා කීයපසුව සැකකරු පිහියක් ද සමග සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

 මෙම දෙනා අතර ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර සම්බන්ධයෙන් හටගත් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම පිහි ඇනුම සිදුව ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි. නාරාහේන්පිට පොලිසියේ අපරාධ විමර්ශන අංශය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වයි.