අගමැතිවරයාගේ නම සඳහන් කරමින් ඩෙන්මාර්කයේ රැකියා ලබාදෙන බවට රුපියල් ලක්ෂ 6 බැගින් මුදල් එකතු කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් අගමැතිවරයා වෙත ප්‍රශ්නයක් යොමු කළේය.


තමා එවැනි දෙයකට කිසිසේත්ම සම්බන්ධ නොමැති බවත් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් ඊට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසා සිටියේය.



විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස,


"මම කැමතියි මේ අවස්ථාවේදී අගමැතිවරයාගේ අවධානය යොමු කරුණු කාරණා කිහිපයක් ගැන. විශේෂයෙන් මම විශ්වාස කරන්නේ නැහැ මේකට ඔබගේ පුද්ගලික සම්බන්ධයෙක් තියෙනවා කියලා. අගමැතිතුමෙනි, ඔබගේ සම්බන්ධීකරණ නිලධාරියකු ලෙස පවසමින් එක්තරා පුද්ගලයෙක් සහ කණ්ඩායමක් මේ රටේ තරුණයින්ගෙන් මුදලින් රුපියල් ලක්ෂ 6 බැගින් ඩෙන්මාර්කයේ රැකියා දෙන බවට කූඨ වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. ඒ ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වන්න කියලා ඉල්ලනවා."



අගමැති දිනේෂ් ගුණවර්ධන,


"විපක්ෂනායකවරයා මේ ප්‍රශ්නය අහපු එක ගැන මම ස්තූතිවන්ත වෙනවා. ඒකට කිසිම සම්බන්ධයක් හෝ හීනෙකින්වත් මගේ ආයතනයක් සම්බන්ධ වෙලා නැහැ. අදාළ පරීක්ෂණය රහස් පොලීසියට භාරදීලා දැන් කරගෙන යනවා. අපේ විවිධ අය රටේ විවිධ අයගේ නම් පාවිච්චි කරලා මේ වගේ ජාවාරම් කරනවා. මේ අයට දඬුවම දඬුවම් දිය යුතුයි කියන ස්ථාවරයේ මම සිටින්නේ