Slider

ක්‍රිකට් ඉතිහාසයේ පළමු වතාවට සිදු වූ මැතිව්ස්ගේ අමුතු දැවී යාමේ යටගිය ඇත්තම කතාව



ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී ඇන්ජෙලෝ මැතිව්ස් අවාසනාවන්ත ලෙස දැවී ගියේය.


ඔහු පන්දුවට පහරදීමට කඩුල්ලට පැමිණීමට පරක්කු වූ බව බවසමින් (Time Out) දන්වමින් ඔහු දැවී ගිය ක්‍රීඩකයෙක් ලෙස නම් කෙරිණි.



ජාත්‍යන්තර ක්‍රිකට් නීති පොතේ දැවී යෑම් වර්ගීකරණයේ එන (Time Out) නීතිය අනුව කඩුල්ලක් දැවී යාමෙන් මිනිත්තු දෙකකට මත්තෙන් ඊළඟ පිතිකරු, පිතිකරණ අන්තයේ සීමා ඉර මතට පැමිණිය යුතු නමුත් ඇන්ජලෝ මැතිව්ස් එසේ නොපැමිණීම මත බංග්ලාදේශ් නායකයා විනිසුරුගෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම දැවීයාම සටහන් විය.



ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා පිටිය තුළට පිවිසීමේ දී ඔහුගේ හිස් ආවරණයේ පටියේ කිසියම් ගැටලුවක් තිබූ බව ඔහු විසින් පිටියේ විනිසුරු මාටිං එරස්මස්ට පවසා සිටියත් බංග්ලාදේශ කණ්ඩායම විසින් දැවීයාම ඉල්ලීම් කර තිබූ බැවින් මැතිව්ස් දැවී ගිය ක්‍රීඩකයෙකු බවට තෙවැනි විසිනුරුගේ උපදෙස් මත පිටියේ විනිසුරු සඳහන් කළේය.



එම අවස්ථාවේ තරගයේ විස්තර විචාරයේ නිරත වී සිටි රසල් ආර්නෝල්ඩ් කියා සිටියේ මෙවැනි නීතියක් ක්‍රිකට් ක්‍රීඩාවේ තිබුණ ද මෙවැනි දැවීයාමක් ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා වූ පළමු අවස්ථාව බවයි.




0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo