පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි මුතුතන්ත්‍රිගේ නිපුන් නවෝද් ප්‍රනාන්දුගේ මළසිරුර බොල්ගොඩ ජලාශයේ පාවෙමින් තිබියදී ඊයේ සොයාගත්තා..


ඔහු පිරමීඩ ජාවාරමට මුදල් ආයෝජනය කළ බව ද මේ වන විට අනාවරණ වී තිබෙනවා...


පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් විසින් ස්ථානීය පරීක්‍ෂණය සිදු කර ඇති අතර මහෙස්ත්‍රාත් පරීක්ෂණය ද සිදුකර තිබුණා...

මියගොස් ඇති පුද්ගලයා කොළඹ මරදාන ප්‍රදේශයේ සිංහල විෂය පිළිබඳ උපකාරක පංති ගුරුවරයක්...  ඔහු පීරමීඩ ජාවාරමකට මුදල් ආයෝජනය කර සිත්තැවුලෙන් සිට ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් පොලිසිය පවසනවා..

කෙසේ වෙතත් මෙම තීරණය ලබා ගැනීමට කළින් සිය පෙම්වතියට ඔහු පණිවිඩයක් තබා ඇති බවද පොලීසිය පවසනවා..  ‘මම යනවා. ඔයා හොඳින් ඉන්න’ ඔහු අවසන් වරට ඇයට යවා තිබුණේ එයයි...