ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව උපකුලපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය පද්මලාල් මානගේ පවසයි.


විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාගේ නිල කාමරය අසළට ගොස් සිසුන් පිරිසක් එල්ලකළ බලපෑම් හමුවේ මෙම තීරණය ගෙන ඇත.



ආරංචි මාර්ග සඳහන් කරන්නේ විශ්වවිද්‍යාල සිසුන් 6කගේ පන්ති තහනම් කිරීමේ සිද්ධියකට විරෝධය පළකරමින් මෙලෙස තවත් සිසුන් පිරිසක් උපකුලපතිවරයාට බලපෑම් එල්ලකර ඇති බවය.



කෙසේ වෙතත් විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සඳහන් කරන්නේ මෙලෙස පංති තහනම් කර ඇත්තේ විනය විරෝධී සිද්ධියකට අදාළ සිසුන් පිරිසකගේ බවය.