කොටි හිතවාදීන් ඇතුළු විවිධ කණ්ඩායම් මීට පෙර අවස්ථා කිහිපයකදීත් මහින්ද රාජපක්ෂගේ ප්‍රජා අයිතිය නැති කිරීමට තැත් කළ බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් මහින්ද රාජපක්ෂගේගේ ප්‍රජා අයිතිය අහෝසි කළයුතු යැයි අත්සන් ලබාගැනීමේ ව්‍යාපාරය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත පිළිතුරු දෙමින් නාමල් රාජපක්ෂ මේ බව ප්‍රකාශ කළේය.


එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් පරාජය කර යුද්ධය අවසන් කළ පසු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා යුද අධිකරණයට ගෙන ගොස් අනතුරුව ප්‍රජා අයිතිය අහෝසි කිරීමට එල්ටීටීඊ හිතවාදීන් උත්සාහ කළ බවත් ඉන් අනතුරුව යහපාලන කාලයේ ඩොලර් බිලියන ගණන් විදේශයන්හි සගවා ඇති බවට අභූත චෝදනා එල්ල කරමින් ප්‍රජා අයිතිය අහෝසි කිරීමට උත්සාහ කළ බවත් මන්ත්‍රීවරයා පැවසීය.


අරගලය අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීමට තැත්කළ බවත් දැන් බදු අඩුකොට ජනතාවට සහන සැලසීම නිසා ආර්ථිකය බංකොලොත් කලා යැයි පවසමින් ප්‍රජා අයිතිය අහෝසි කිරීමට තැත් කරන අතර මේවා හුදු ජනප්‍රිය වීම සදහා විපක්ෂය විසින් සිදු කරන නාටක බවත් නාමල් රාජපක්ෂ පැවසීය.